Colombo Today Local News

පොලී අනුපාත ඉහළට.. කොළඹ කොටස් හොම්බෙන් යයි.. බඩු මිළ තවත් ඉහළට !

මහ බැංකු පොලී අනුපාතය වැඩි කිරීමට ගෙන ඇති තීරණය නිසා කොටස් වෙළෙඳපොළ අස්ථාවර තත්ත්වයකට පත්වන බව වාර්තා වේ. පොලී අනුපාතය වැඩිවීමත් සමඟ කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමට ඇති මුදල් බැංකුවල තැන්පත් කිරීම තුළින් කොටස් වෙළෙඳපොළ අස්ථාවර වීම මීට හේතුවයි.

මේ තත්ත්වය තුළ රජය මුදල් ලබාගැනීමට පෙළඹෙන නිසා ණය වැඩිවීමෙන් ණය පියවා ගැනීම සඳහා භාණ්ඩ මිල වැඩිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මහ බැංකුව දෙන ණය සඳහා දැනට අයකරන පොලිය 8.5% වැඩිවීමට ඉඩ තිබේ. මුදල් ඇති අය වැඩි පොලී ලබාගැනීමට විවිධ ව්‍යාපාර සඳහා ආයෝජනය කිරීම වෙනුවට බැංකුවල මුදල් දැමීමට පියවර ගැනීම වැඩිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම පොලී අනුපාතය වැඩි කිරීම සිකුරාදා සිට සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. හෙට පැවැත්වෙන මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ විමසීමෙන් පසු පොලී අනුපාතය වැඩි කිරීමේ තීරණයට එළැඹෙන බව ආර්ථික විශේෂඥයෝ පවසති.

Related posts

ප්‍රමිතියෙන් තොර රූපලාවන්‍ය ආලේපන වටලයි.

Admin

“කොටි සටනින් ඔබ්බට” දොරට වැඩුම මාර්තු 08

colombotoday

අත්අඩංගුවට ගත් අය නිදහස් කරන්න මන්නාරමේ දේශපාලකයෙක් බලපෑම් කළා….

colombotoday

“මාමා කළ දේ නොකළොත් ඌ නොට්ටිගෙ බෑණා“ නීතිපති පත් කිරීමට එරෙහිව ගම්මන්පිල නඩු දමයි

colombotoday

‘නවීන් දිසානායක මට පරුෂ වචනෙන් බැන්නා‘ – තිලංග කතානායකට ලියූ ලිපිය මෙන්න

colombotoday

අගමැති රනිල් ඉල්ලා අස්වෙලා ?

colombotoday