World

ප්‍රංශයේ මැයි දින පෙළපාලි අතරතුර ගැටුම්වලින් පොලිසියේ 100කට අධික පිරිසක් තුවාල ලබයි

ප්‍රංශයේ මැයි දින පෙළපාලි සඳහා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සහභාගී වී සිටි අතර එහිදී විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විරෝධතා දැක්වූ විරෝධතාකරුවන් සමග ඇති වූ ගැටුම්වලින් අවම වශයෙන් පොලිස් නිලධාරීන් 108 දෙනෙකු තුවාල ලබා ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසා තිබේ.

ගැටුම් අතරතුරදී පුද්ගලයින් 291 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම විරෝධතාකරුවන් තුවාල ලැබූ සංඛ්‍යාව පිළිබඳව වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

රාජ්‍ය විශ්‍රාම වැටුප් වයස අවුරුදු 62 සිට 64 දක්වා වැඩි කරන වෙනස්කම්වලට එරෙහිවයි මෙලෙස මාස ගණනාවක් පුරා මෙම විරෝධතා පැවැත්වෙ.

පැරිසියේ අගනුවර 112,000ක් ඇතුළුව සමස්ත පෙළපාලිකරුවන් 782,000ක් පමණ සහභාගී වූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Lyons, Toulouse සහ Nantes යන ප්‍රදේශවල ද ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිව ඇති අතර එහිදී වාහන ගිනි තබා ව්‍යාපාරවලට ප්‍රහාර එල්ල කර ඇති බව පැවසෙ.

Related posts

දැඩි උණුසුම ජිවිත 15,000ක් අහිමි කරයි

Admin

මවගේ අතුරුදන් වූ මුද්ද මාස 14ක ළදරුවාගේ බඩේ

colombotoday

තායිලන්ත මහා මැතිවරණයේ ජය තරුණ නායකයාගේ විපක්ෂයට

Admin

ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් මිලියන 5 ඉක්මවයි

colombotoday

හමාස් නායකයාගේ නිවසට ප්‍රහාර

Admin

රතු මුහුදේදී නෞකාවක් හූති කැරලිකරුවන්ගේ ග්‍රහණයට

Admin