World

රතු මුහුදේදී නෞකාවක් හූති කැරලිකරුවන්ගේ ග්‍රහණයට

වෙළෙඳ නෞකාවක් සිය ග්‍රහණයට ගත් බව යේමන හූති කැරලිකරුවන් පවසති.

රතු මුහුදේදී ඔවුන් එම නෞකාව සිය ග්‍රහණයට ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම ක්‍රියාවට ඉරානය වගකිව යුතු බවට ඊශ්‍රාලය චෝදනා කරයි.

බ්‍රිතාන්‍යයට අයත් අදාළ වෙළෙඳ නෞකාවේ මෙහෙයුම් කටයුතු සිදු කරන්නේ, ජපානයයි.

හූති ග්‍රහණයට පත් වනවිට නෞකාවේ පුද්ගලයින් 22 දෙනෙකු පමණ සිට ඇතැයි විදෙස් වාර්තා පවසයි.

තුර්කියේ සිට ඉන්දියාව බලා යාත්‍රා කරමින් තිබියදී නෞකාව කැරලිකරුවන්ගේ ග්‍රහණයට ගෙන තිබේ.

Related posts

ජපානයේ කොරෝනා ගැන අනතුරු ඇඟවීමක්

colombotoday

හැරී-මේගන් යුවල රජසැප අතහරී !

colombotoday

95 වැනි ඔස්කාර් සම්මාන උළෙල ඇරඹෙයි..

Admin

ඉදිරි මාස හතරේදී කොරෝනා වසංගතයෙන් ඇමෙරිකාවේ 81,000 කට වැඩි පිරිසක් මිය යනු ඇතැයි වොෂින්ටන් විශ්වවිද්‍යාලය කියයි

colombotoday

ඉන්දියාවේ ගුවන් අනතුරින් පුද්ගලයින් 17 දෙනෙකු මරුට

colombotoday

“රොහින්ග්‍යා සංක්‍රමණිකයන් මුස්ලිම් රටවලට යවනු” – ඉන්දියාවේ විරෝධතා (Video)

colombotoday