World

ඉන්දියාවේ ගුවන් අනතුරින් පුද්ගලයින් 17 දෙනෙකු මරුට

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කැලිකට් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිදු වූ ගුවන් අනතුරින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබේ.

බෝයිං 737 දරණ ගුවන් යානය ගුවන්තොටුපලට ගොඩබැස්සීමේ දී අයහපත් කාලගුණය හේතුවෙන් ගුවන් පථයෙන් ඉවතට ලිස්සා ගොස් අනතුරට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

කොරෝනා වෛසරය හේතුවෙන් ඩුබායිහි රැඳී සිටි ඉන්දීයානු ජාතිකයින් පිරිසක් රැගෙන පැමිණි ගුවන් යානයක් මෙලෙස අනතුරට පත්ව තිබේ.

අනතුරින් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර ඉන් 15 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.

මියගිය පුද්ගලයින් අතර ගුවන් යානයේ නියමුවන් දෙදෙනා ද වන බව සඳහන්ය.

අනතුර සිදුවන අවස්ථාවේ යානය තුළ මගීන් 190 දෙනෙකු සිට තිබේ.

Related posts

“ඉම්රාන් ඛාන්ගේ sex calls” දෙකක් viral වෙයි

Admin

මියන්මාර් රජය අල් හුසේන්ට අභියෝග කරයි.. UN නිලධාරීන්ට මියන්මාරයේ දොර වසා දමයි

colombotoday

නව වසර ඉතාමත් දුෂ්කරයි

Admin

සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම ඇමෙරිකාව වේගවත් කරයි

colombotoday

රුසියානු ප්‍රහාරක යානා ISIS ඉලක්ක 600 ක් විනාශ කෙරේ – Video

colombotoday

වයස 16ට අඩුනම් මින්පසු වට්ස් ඇප් බෑ

colombotoday