Colombo Today Local News

සියලුම වෘත්තීය සමිති නායකයින්ගෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලයි

වත්කම් බැරකම් පනත අනුව රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල වෘත්තීය සමිති නායකයින් වාර්ෂිකව සිය වත්කම් බැරකම් ප්‍රකාශ කම්කරු අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ යුතුව ඇති නමුත් මේ වන තෙක් කිසිදු වෘත්තීය සමිති නායකයෙක් එලෙස වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නැතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

ඒ අනුව ඔවුන්ගෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීමට කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා සදහන් කරයි. වත්කම් බැරකම් පනත අනුව සියලුම වෘත්තීය සමිති නායකයින් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතුව තිබෙන බවද ඒත් මේ දක්වා කිසිදු වෘත්තීය සමිති නායකයෙක් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කරයි.

වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීමට රජයේ සේවකයින් ආයතන සංග්‍රහයෙන් බැදී සිටින බවද වෘත්තීය සමිතිවලට නිලධාරීන් පත් කිරීම සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ සඳහන් වන බවද අමාත්‍යවරයා කියයි.

වෘත්තීය සමිතිවල අවුරුදු විස්සක් තිහක් වැඩ කරපු අය එක දවසක්වත් තමන්ගේ රස්සාව කර නැතැයි කී ඇමතිවරයා රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල වෘත්තීය සමිතිවලට පුද්ගලයින් පත් කර අවුරුදු විස්සක් රාජකාරී නොකර ඉන්න වැටුප් ගෙවන එක හරිද කියා ජනතාව තීරණය කළ යුතු බවද මනූෂ නානායක්කාර මහතා පවසයි.

රාජ්‍ය ව්‍යාපාර නඩත්තු කරන්නේ ජනතාවගේ බදු වලින් බවද ඒවා ඇතුලේ සාමුහික ගිවිසුම් ගසා පාඩු ලබමින් සිටියදීත් මිලියන ගණනින් අතිකාල ගන්න අවස්ථාව ලබාදීම සාධාරණදැයි අමාත්‍යවරයා ප්‍රශ්න කරයි.

Related posts

ජන හා නිවාස සංගණනය ඇරඹෙයි

Admin

“මැතිවරණ කොමිසම දේශපාලනය කරනවා” පැවසු විමල්ට මැකෝ ශිෂ්ඨත්වය උගන්වයි.

colombotoday

මාස 11ක කාලයකදී අලි ඇතුන් 350ක් මරුට

colombotoday

මගඩිය අස්සේ, අර්ජුන් මහෙන්ද්‍රන් මහබැංකුවේ නිලධාරීන් 500කට වැඩි පිරිසක් මාරු කරලා

colombotoday

කොවිඩ් ආසාදිතයින්ට අවශ්‍ය ඔක්සිජන් සංචිත සම්පාදනය කිරීමට සැලැස්මක්

colombotoday

“ව්‍යාජ අරගලයට මුවාවී සිංහල බෞද්ධ ජන මතයට අත නොතබනු” නෙළුම් පොකුණේ සිට පා ගමනක්

colombotoday