Colombo Today Local News

“මැතිවරණ කොමිසම දේශපාලනය කරනවා” පැවසු විමල්ට මැකෝ ශිෂ්ඨත්වය උගන්වයි.

‘‘අපි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන්ගෙන් ඉල්ලනවා මෙපමණ ව්‍යසනයක් සිදුව ඇති මොහොතක දේශපාලනය නතර කරන්නැයි කියලා“ යනුවෙන් විමල් වීරවංශ ඇමැතිවරයා මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියේය.

කොරෝනා ව්‍යසනයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ මුවාවෙන් දේශපාලනඥයන් තම පක්ෂ හා අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කරන බවට මැතිවරණ කොමිසමේ සභාපති නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ සඳහන් කළේය.

ඊයේ (06 වැනිදා) හෝමාගම රෝහලේ කොවිඩ් ආසාදිත රෝගී ඒකකයට වායුසමීකරණ යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමෙන් අනතුරුව වීරවංශ මහතා මෙම අදහස් පළ කළේය.

“පළමුව කිවයුතුයි, අපට කොරෝනා රෝගීන් අල්ලාගෙන දේශපාලනය කරන්න උවමනාවක් නැහැ කියලා. මට නම් පෙනෙන්නේ මැතිවරණ කොමිසම යම් දේශපාලනයක් සිදුකරන බවයි. මැතිවරණ කොමිසමේ එක් සාමාජිකයකු බී. බී. සී. පුවත් සේවයට පවසා තිබුණා මේ රට ඒකාධිපතිත්වයක් කරා යමින් තිබෙනවා කියා. එහි සභාපතිවරයා නිහඬව සිට එක්වරම සිහිනෙන් අවදිවූවා සේ මෙවැනි නිවේදන නිකුත් කරනවා. ඔවුන් පසුගිය ආණ්ඩු කාලයේ හැසිරුණු විදියයි දැන් හැසිරෙන විදියයි අපට හොඳට තේරෙනවා. අපි කුඩා දරුවන් නොවෙයි.

මේ ව්‍යවසනයෙන් මිදීමට පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් භේද නොකර සමාජයට නායකත්වය ලබා දිය යුතුයි. රාජ්‍ය නිලධාරීන්ට පමණක් මේ බර අදින්න බැහැ. මෙපමණ ව්‍යසනකාරී වෙලාවකදී අපට මේ රටේ මිනිස්සුන්ට පිහිට වෙන්න බැරි නම් මොකද්ද එතැන තිබෙන සාධාරණය. මේ මොහොතේ ජනතාවට සහන සැලසීම අපේ අයිතියක්. ඒ අයිතිය අනුව අපි කටයුතු කරනවා. එය නතර කිරීමට කිසිවෙකුට බැහැ.”

මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මෙලෙස සඳහන් කර තිබුණා.

සාමාන්‍යයෙන් ,මැතිවරණ කොමිෂන් සභාව හෝ මා ,අප සම්බන්ධයෙන් දේශපාලනඥයින් විසින් කරන     ප්‍රකාශ වලට පිළිතුරු දෙන්නේ නැහැ .

එසේවුවත් Covid 19 ආපදාව හේතුවෙන් පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීමේදී ස්වකීය පක්ෂය / අපේක්ෂකත්වය ප්‍රවර්ධනය වනසේ ක්‍රියාකීරීමෙන් දේශපාලනඥයින් / අපේක්ෂකයින් වැළකී සිටිය යුතු බවට මැකොස කළ ප්‍රකාශ හා නිකුත් කළ ලිපි පිළිබදව කරන ලද බරපතල විවේචනය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ යුතු බව බොහෝදෙනකු අපෙන් ඉල්ලා සිටීයි .

මේ ව්‍යවස්ථාපිත මැතිවරණ කාලසීමවක් නිසා හා රට ආපදාවකට මුහුණ දී ඇති නිසා මෙවැනි විටක පදනමක් රහිතව මැකොස විවේචනය කර තිබීම අයෝග්‍ය බව, ඔවුන් කියන නිසා පිළිතුරක් දීමට අවශ්‍ය බව මාත් හිතනවා .

ඒත් එම ප්‍රකාශය මෙන් ඒ ටෝන් tone එකෙන් උත්තර දෙන්න මේ වෙලාවෙදි මැකොස සභාපති ලෙස මට බැහැ .
මැකොස කිසිවිටක කියා නැහැ, ජනතාවට සහන සැලසීමට දේශපාලනඥයින් සම්බන්ධ නොවිය යුතු බව . අප කියා ඇත්තේ මේ ක්‍රියාමාර්ග හරහා දේශපාලනඥයින් / අපෙක්ෂකයන් ,ස්වකීය පක්ෂය හෝ අපේක්ෂකත්වය ප්‍රවර්ධනය නොකළ යුතු බවයි

එය ඡන්දවිමසීම් කාලයකදී පමණක් නොව ශිෂ්ට රටකදී සාමාන්‍ය තත්වය යටතේවුවද නොකළ යුතු බවයි අපේ මතය .

යහපත් පුරවැසියන් සියලු දෙනාම එයට එකඟ බව අප දන්නවා අප පෙර සඳහන් ප්‍රකාශ කළේ සහන ලබාදීම හරහා දේශපාලනමය ප්‍රවර්ධන සිදුකරන අපට පැමිණිලි ලැබීම නිසා . එම පැමිණිලි වලින් බොහොමයක් අසත්‍ය ලෙස බැහැර කරන්නට බැහැ . බොහෝ පැමිණිලි එක්තරා පක්ෂයක දේශපාලනඥයින් හා සබැඳිවයි ලැබෙන්නේ ,. ඒ පැමිණිලි වැැඩි සංඛ්‍යාවක් , එම පක්ෂයේම අපේක්ෂකයින් වෙතින් ලැබීම විශේෂිත තත්වයක් . ඒ පැමිණිලි ගැන වෙනත් තැනක ලියන්න හිතනවා .

මේ අපේ දැනුම්දිීම් එක් පක්ෂයකට පමණක් අදාළ නැහැ . සෑම පක්ෂයකටම ,කණ්ඩායමකට, හා අපේක්ෂකයකුට අදාළ බව කියන්න ඕනෙ .

තවත් දෙයක් තමයි රාජ්‍ය දේපළ හරහා ලබාගන්නා ආධාර , විශේෂයෙන්ම පළාත්පාලන ආයතනවල දේපළ පාලන බලය හිමි ප්‍රධානියාගේ අභිමතය පරිදි තමා කරන දෙයක් සේ පෙන්වමින්, ජනතාවට බෙදා හරිමින් අයුතු වාසියක් ලබා ගැනීම . එය සම්පූර්ණයෙන්ම වැරදියි .අනීතිකයි

ඒ වගේම තනතුරේ නිල බලය ,දේශපාලනමය බලය භාවිතා කර ආධාර එකතු කර බෙදා දෙමින් තමන්ගේ දේශපාලන ප්‍රවර්ධනය සදහා යොදා ගන්නා බවට පැමිණිලි ලැබෙනවා , එයත් වැරදියි .
දේශපාලනඥයින්ට ,ජනතාවට ආධාර කරන්න ඕන නම් වඩාත්ම හොද ක්‍රමය තමයි , ඒ ආධාර , රාජ්‍ය යන්ත්‍රණය හරහා ලබා දෙන එක . අපේක්ෂකයින් ආධාර දෙන ඡායාරූප , වීඩියෝ ප්‍රදර්ශනය නොකරනව තමයි හොඳ .

ඉතා සුලු පිරිසක් , මේ ආධාර දීම හරහා ,මනාප ගැන හිතනවා ඇති , ශිෂ්ට ,යහපත් දේශපාලනඥයින් එහෙම කරන්නෙ නැහැ කියලයි අප හිතන්නෙ. .අප කියල තියෙන්නෙ පක්ෂය , අපේක්ෂකත්වය ප්‍රවර්ධන කරන්න එපා යනුවෙනුයි .,ඒක නිසා අපේ ඒ ප්‍රකාශවල කිසි වරදක් නැතිබව හොදින් අපේ ප්‍රකාශ බලන හා ආධාර ලබාදීම හරහා වාසි ලබා ගැනීමට අපේක්ෂා නොකරන සැමට පැහැදිලි වෙන බව අප හිතනවා .
අාධාර දීමට වඩා බරපතල දෙයක් තමයි ,රාජ්‍ය යාන්ත්‍රණය හරහා සිදුකෙරෙන සහන සැලසීමේ වැඩ පිළිවෙලට , දේශපාලනඥයින් මැදිහත්වී බලපෑම් කිරීම . , අප්රේල් 06 දා අපට සිද්ධවුණා , මේ ලැයිස්තු සැකසීම ගැන නියෝග දීමට ග්‍රාමනිලධාරීන් ස්වකීය නිවසට කැඳවා රැස්වීමක් තැබීමට දේශපාලනඥයකු දැරූ තැතක් වැළැක්වීමට .
මැකොස ඉල්ලා ඇත්තේ මේ කාර්යය එනම් සහන අවශ්‍ය තැනැත්තන් තෝරා ගැනීම සම්පූර්ණයෙන්ම නිර් දේශපාලනමය කරන්න ඕන කියල තමයි . එමෙන්ම සහනාධාර දීම හරහා පක්ෂ අපෙුක්ෂක ප්‍රවර්ධන නොකරන ලෙස

මැකොස කිසිම පක්ෂයක්, කණ්ඩායමක් හෝ අපේක්ෂකයකු ප්‍රවර්ධනයට හෝ,අගතියට පත්කිරීමට ක්‍රියාකරන්නේ නැහැ .අප ඒ කිසිවකුට පක්ෂපාතිත්වයක් නැහැ .

අපේ පක්ෂපාතිත්වය ජනතාවට , ප්‍රජාතන්ත්‍රවාදයට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පමණයි .
Covid -19 පරදවමු , නිදහස් හා සාධාරණ ඡන්දවිමසීමක් පැවැත්වීමට යහපත් වාතාවරණයක් උදා කරගනිමු .
ප්‍රජාතන්ත්‍රවාදයේ මහෝත්සවය ඡන්දවිමසීමයි

Related posts

ඤාණසාර හිමි සිරගත කිරීම ගැන ජනතාව කියන කතා මෙන්න (Video)

colombotoday

විමල්ගේ දියණියට සමාජජාලාවලින් පීඩා.. ලමාරක්ෂක අධිකාරියට පැමිණිළි කරයි

colombotoday

මගී ප්‍රවාහන බස් රථ ගමන් කාල සටහන බලා ගත හැකි ඇප් එකක් අද සිට වැඩ

colombotoday

ඊයේ අස්වූ දිල්රුක්ෂි අද නීතිපති දෙපාර්තමේන්තුවේ ලොකු තනතුරකට !

colombotoday

තහනම ඉවතට.. තැබෑරුම්වලින් මත්පැන් මිළදී ගැනීමට, විකිණීමට අද පටන් කාන්තාවන්ටත් අවසර !

colombotoday

දැරියකට අතරවර කර එජාප අපෙක්ෂකයා ගමෙන් පනී..

colombotoday