Colombo Today Local News

සහරාන්ගෙ වනාතවිල්ලුව වත්තේ කොස්තාපල්වරුන් නිධන්හාරලා

පාස්කු ප්‍රහාරයේ මහ මුරකරු ලෙස සැලකෙන සහරාන් හසීම් නැමැත්තාට අයත් පුත්තලම, වනාතවිල්ලුව ලැක්ටෝ වත්තේ නිධානයක් ගොඩ ගැනීම සඳහා කැණීම් සිදුකරමින් සිටි බව කියන පොලිස් විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරුන් දෙදෙනෙකු අද (19) අලුයම් කාලයේ සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

නිධානය ගොඩගැනීම සඳහා පුද පූජා පවත්වමින් සිටි බව කියන කට්ටඩියා වැටලීම සිදු කළ අවස්ථාවේ පලා ගොස් ඇතැයි පොලිසිය විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙක් සදහන් කර සිටි.

පලා ගිය මෙම කට්ටඬියා අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකාය පරීක්ෂණ පවත්වාගෙන යයි.

ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය ලකායේ කුරුණෑගල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.

අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයෙක් බදුල්ල තල්දෙන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර අනෙක් පොලිස් කොස්තාපල්වරයා මූනමල්දෙනිය ප්‍රදේශයේ පදිංචි අයෙකි.

සහරාන් හෂීම්ට අයත් මෙම වත්තේ පුපුරන ද්‍රව්‍ය සහ අවි ආයුධ සඟවා තිබියදීරහස් පොලිසිය විසින් සොයා ගැනීමෙන් අනතුරුව එම වත්තට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් යොදවා ආරක්ෂාව සපයා තිබිණි.

මෙසේ ආරක්ෂාවට යොදවා සිටි නිලධාරීන් කණ්ඩායමේ සිටි කොස්තාපල්වරුන් දෙදෙනෙකු මෙම කැණීම් කටයුතු සිදුකරමින් සිට ඇතැයි වාර්තා වේ.

අත්අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්ය බලකායේ සැකකාර පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා වනාතවිල්ලුව පොලීසියට භාරදුන් බව එම බළකාය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

කටුනායක ප්‍රහාරයෙන් කොටි සාමාජිකයා නිදහස් කෙරේ.. නීතිපති නඩුව ඉල්ලා අස්කරගනී !

colombotoday

මෛත්‍රී ගුණරත්නගේ පුතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්වූ පෑලියගොඩ OIC යළි සේවයේ පිහිටුවයි

colombotoday

චීනයේ එන්නත් රැගත් ගුවන් යානය දිවයිනට

colombotoday

කඩුපහරකින් අවසන් වූ අසම්මත පෙම

colombotoday

ආමාත්‍යවරු 18ක් අද දිවුරුම් දෙයි

colombotoday

”අඩු තරමේ මංගලටවත් නොකිය ඉන්න තිබුණා…” රෝහිතගේ මගුලට ආරාධනා නොලැබූ මධුමාධව බුකියේ දාපු පොස්ට් එක..

colombotoday