Colombo Today Local News

මෛත්‍රී ගුණරත්නගේ පුතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්වූ පෑලියගොඩ OIC යළි සේවයේ පිහිටුවයි

නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්වූ පෑලියගොඩ පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ලෙනාඩ් සිල්වා මහතා යළි සේවයේ පිහිටුවා තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් විනය පරීක්ෂණයකට යටත්ව හිටපු ස්ථානාධිපතිවරයාව යළි සේවයේ පිහිටුවා ඇති බව වාර්තා වේ.

පසුගිය පෙබරවාරි මාසයේ දී නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත්‍රයා වන නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න මහතාට පෑලියගොඩ පොලිස් ස්ථානයේ දී පහරදීමක් සිදුව තිබුණි.

එම සිද්ධියට අදාළව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු තිදෙනෙකු වැඩ තහනමට ලක් කෙරුණු අතර ඔවුන්ට එරෙහිව විනය පරීක්ෂණයක් ද ක්‍රියාත්මක විය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේ දී අදාළ ස්ථානාධිපතිවරයා මෙම පහරදීමේ සිද්ධියට සම්බන්ධ නොමැති බවට තහවුරු වී තිබේ.

ඒ අනුව ඔහු යළි සේවයේ පිහිටුවන ලෙස අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් මෙම සිද්ධිය පිළිබඳ තවදුරටත් විමර්ශන සිදුකෙරෙන අතර මෙම ස්ථානාධිපතිවරයාට එරෙහිව ද විනය පරීක්ෂණයක් පැවැත්වේ.

Related posts

උඩරට මැණිකෙට යට වූ එකම පවුලේ තිදෙනෙක් මරුට

colombotoday

හරක් කටාට උදව් කළ තවත් කොස්තාපල්වරයෙක් අල්ලයි – ජරාව කෑ තවත් නිලධාරීන් ගැන පරීක්ෂණ

Admin

ඔළුවට යකඩ ඉන්නකින් ඇන පුතෙකු මව මරා දාලා..

colombotoday

ස්විස් රජයෙන් ඩොලර් මිලියන 4ක වෛද්‍යාධාර මෙරටට

colombotoday

ගබඩා දෙකක වී තොග ලක්ෂ 700ක් අස්ථානගත වීමට නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩතහනම්

Admin

වීරකැටිය 14 හැවිරිදි දරුවා වෙඩිතබා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

colombotoday