Colombo Today Local News

රට රැකියා සිහින පෙන්නා මුදල් ගරන වංචනිකයින් ගැන දැනුම් දෙන්න අංකයක්… – ගෙවුණු මාස දෙකට 24ක් කොටු

විදේශ රැකියා ලබා දෙන බව පවසා මුදල් ලබා ගැනීම ඇතුළු නීතිවිරෝධි කටයුතුවල නිරතවීමේ චෝදනා මත පුද්ගලයින් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ, පසුගිය ජනවාරි සහ පෙබරවාරි මාස 2 තුළ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය කළ වැටලීම්වලදීයි.

ජනවාරි සහ පෙබරවාරි මාස තුළ ඒ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි 173 ක් විභාග කර ඇත අතර එහිදී පැමිණිලිකරුවන් වෙත අය කර දී ඇති දඩ මුදල, රුපියල් ලක්ෂ 126 කට අධිකයි.

විදේශ රැකියා ලබා ගැනීම සඳහා නීතිවිරෝධි ආයතනවලට සහ අතරමැදී තැරැව්කරුවන්ට මුදල් ලබා දීමෙන් වළකින්නැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවට දැනුම් දෙයි.

එවැනි පුද්ගලයින් පිළිබඳ පැමිණිලි, 0112 86 42 41 යන දුරකතන අංකයට දැනුම් දිය හැකියි.

Related posts

කැලණිය, පට්ටිය හංදියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

colombotoday

ලාල් කාන්තට ඇප

colombotoday

අද සිට ඉහළ යන ලිට්‍රෝ ගෑස් මිල ගණන් මෙන්න

Admin

Breaking News: අද රෑ 10 සිට 30 දින දක්වා ශ්‍රී ලංකාව ලොක් ඩවුන්

colombotoday

යහපාලන ජනපතිට වසරයි.. අද හෙට සැමරුම්

colombotoday

අනුරුද්ධ සම්පායෝට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ

colombotoday