Colombo Today Local News

ගැට කපන්නකුට එරෙහි වූ තරුණයෙක්ට පිහි පහර

බස් රථවල ගැට කපන්නකුට එරෙහි වූ පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයකුට එල්ල කළ උල් පීහි පහරක් වැදී බස් රථයේ ගමන් ගත් තරුණයකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පිළියන්දල පොලිසිය පවස‍යි.

පිහි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයාට මගීන් විසින් පහරදී පිහියත් සමග පොලිසියට බාර දී ඇත.

පිළියන්දල සිට කහපොල දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයේ ගමන්ගත් ගැට කපන්නන් දෙදෙනකු කොටගෙදර මාළු බෝක්කුව ආසන්නයේදී මගීයකුගේ මුදල් පසුම්බිය සොරා ගැනීමට උත්සාහ කිරීමේදී එය දුටු කොන්දොස්තරවරයා ඊට විරෝධය දක්වා ඇති අතර ඒ සමගම කොන්දොස්තරවරයා ගේ සහායට තවත් තරුණයන් දෙදෙනකු ඉදිරිපත් වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙහිදී බස් රථයේ කොන්දොස්තර, රියදුරු සහ තරුණයන් දෙදෙනා ගැට කපන්නන් දෙදෙනා සමග බහින් බස් වීමක් සිදුවී ඇති අතර එහිදී එක් ගැට කපන්නකු සඟවාගෙන සිටි උල් පිහියකින් කොන්දොස්තරවරයාට පහර දීමත් සමගම ඒ ආසන්නයේ සිටි තරුණයාගේ උදර ප්‍රදේශයට වැදී ඇතැයි පොලිසිය කියයි.

Related posts

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin

සංචාරක හොටල් සහ අවන්හල් වලට මත්පැන් බලපත්‍ර ලබාදීම ගැන තීරණයක්

Admin

පොහොට්ටුවේ ත්‍රි‘මල මන්ත්‍රීගේ සහයත් රනිල්ට

Admin

ශ්‍රී ලංකාව තවත් කොළණියක් කර නොගන්නැයි චීනය ඉන්දියාවට දන්වයි !!

colombotoday

ලංකාවෙන්ම 1 වූ පොලිස් OICට දේශපාලන මාරුවක්

colombotoday

මර්වින් වෙනුවෙන් කප්පම් ඉල්ලලා.. ව්‍යාපාරිකයා පොලිසි යයි.. පුත් මාලක සොයා පොලිස් මෙහෙයුමක්

colombotoday