Colombo Today Local NewsHot News

“බැදුම්කර මගඩිය රටට ආ සුනාමියක් වගෙයි“ – මහබැංකු නියෝජ්‍ය අධිපති සියල්ල හෙළිකරයි

bong-mමහ බැංකූවේ බැදුම්කර මගඩිය නිසා රටේ ආර්ථිකයට වුන හානිය සුනාමිය අපේ රටට අවා වගේ බැවින් වහාම මහා බැoකුවේ අධීක්ෂණ මණ්ඩල Monitory Board යුහුසුළු වී මේ තත්ත්වයෙන් රට බේරා ගතයුතු බවත් මේ නිසාම රටේ සමස්ථ පොලි අනුපාත 5% කින් පමණ ඉහළ ගිය බවත් මහාබැoකුවේ හිටපු නියෝජ්‍ය අධිපති වන ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන සමඟ මුල්‍ය විශ්ලේෂකයකු වන ෆාර්ස් විසින් විමසන කරුණු සම්බන්ධ පැහැදිලි කරන ලදි.

හිටපු මහ බැoකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් විසින් හිතා මතාම තම බෑනාගේ සමාගම වන පර්පච්චුවල් ට්ර්සුරිස් Perpetual Treasuries සමාගමට වාසි වන ආකරයට පොලි අනුපාතිකයන් වෙනස් කරමින් මහා බැoකුවේ ඇති ජනතාව සතු මුදල් තම බෑනාගේ සමාගම වෙත ලබාදීමට කටයුතු කරමින් විශාල වශයෙන් මුදල් හම්බකර ගැනීමට ඉඩ සලස්වා ඇති බවද ඔහු කියා සිටියේය.

මේ කරුණු ගෙන හැර දැක්වූයේ පසුගියදා මහාබැoකුවේ මුල්‍ය නොවන ආයතන අධීක්ෂණය කරන අoශය විසින් අධීක්ෂණ මණ්ඩල Monitory Board වෙත ඉදිරිපත් කිරිමට පිලියල කරන ලද විමර්ශන වාර්තාක් සමාජ වෙබ් ජාල හරහා ජනතාවට යෑම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරිමෙනි.

එමෙන්ම මෙහිදී වැදගත් වනුයේ මාස 15 ක් වැනි කෙටි කලක් තුල එම සමාගම සතු ඉතා කුඩා සම්පත් ස්වල්පයකින් මෙසා විශාල මුදල් ප්‍රමාණයක් හම්බකලේ කෙසේද යන්නයි.

මහ බැoකුවෙන්ම තම මාම විසින් ලාබාදි තිබුණ අවස්ථාවක් උපයෝගී කරගෙන අඩු පොලියකට මුදල් ලබාගෙන 5% පමණ ලාබයක් තියාගෙන එම මුදල්ම නැවත මහා බැoකුව වෙත ලබාදීම කොට විශාල ලාබයක් උපයා ඇති බැව් එම මහා බැoකු විමර්ශන වාර්තාවේ සඳහන් ඇති බැවත් හැකි ඉක්මනින් මෙවෙනි ක්‍රියාකාරකම් තුලින් වෙළෙඳපොලට නරක පූර්වාදර්ශයක් දෙන බැව්න් එය වහාම නතර කල යුතු බවත් ඒ සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පැවත් යුතු බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන බවයි.

මෙය රජයට විශාල පාඩුවක් මෙන්ම් රජය මුදල් ලබාගැනීමේ පොලී අනුපාතය විශාල ලෙස ඉහළ ගොස් දීර්ඝකාලීන භයානක ප්‍රතිඵලය රටේ ආර්ථිකයට හිමි වන බවත් මෙම සමාගම උපයා ඇති ලාබය මිලියන 5200 නොව මිලියන 10,000 ක් බවත් සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ඇතුළු තවත් රජය සතු ආයන කිහිපක මුදල් මේ සඳහා එම සමාගම උපයෝගී කරගෙන රජයේ මුදල් අඩු පොලියට ලබාගෙන වැඩි මිලට රජයට විකුණා ඇති බැව් එම විමර්ශන කණ්ඩායම විසින් සොයාගෙන ඇති බවත්ය.

නව රජයේ බලාපොරොත්තුව ශ්‍රීලංකාව ලෝකයේ මුල්‍යමය කේන්ද්‍රයක් කිරීමට වුවත් මේ අනුව ලෝකය ශ්‍රී ලංකා කෙරෙහි අවිශ්වාස කිරීමට හැකි බවත් මේ වන තෙක් අපේ රට ලබා තිබු ක්‍රෙඩිට් රේටින් තත්ත්වය පහලට වැටිමටත් අනාගතයේ බිහිකිරීමට නියමිත මුල්‍ය නගරයක් වන චීන පෝට් සිටි ව්‍යයාපතිය සම්පූර්ණ ප්‍රතිඵලය ලගාකර ගැනිමට නොහැකි බවත් හිටපු නියෝජ්‍ය මහාබැoකුවේ අධිපති තුමා සඳහන් කරයි.

එම රූපවාහිනි සම්මුඛ සාකච්ඡාව මෙතනින්

Lankacnews

Related posts

කිලිනොච්චි පරෙවිපංචාන් හමුදා කඳවුරට පැන්න පිරිසක්‌ ඉඩම් ඉල්ලා බලපෑම් කරති

colombotoday

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අරලියගහ මන්දිර නාට්‍යයක් – ජනපති කියයි

colombotoday

තවත් අමාත්‍යාංශ ලේකම්වරු තිදෙනෙක් පත්කෙරේ

colombotoday

දින ගණනක ඉන්ධන පෝලිමකින් ප්‍රධාන මාර්ගයක් ත්‍රීවිල්වලින් වැසෙයි

colombotoday

මහින්දට තිබෙන දේශපාලන පෞරුෂත්වය ජනපති මෛතී‍්‍රට නැහැ – ආචාර්ය නිර්මල් රංජිත් දේවසිරි

colombotoday

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමුන් 7කට කොරෝනා ආසාදනය වෙයි.

colombotoday