Colombo Today Local News

අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් දිවයිනට

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය දෙදින නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට ඊයේ (31)දින පැමිණ තිබේ.

නූලන්ඩ් මහත්මිය සමග එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් දෙදෙනෙකුද දූත පිරිස ලෙස පැමිණ තිබේ.

ඔවුන් ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 191 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත ඊයේ රාත්‍රී 10.10ට පැමිණ තිබුණි.

මෙම පිරිස ශ්‍රී ලංකා සංචාරය නිමා කරශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 217 දරන ගුවන් යානයෙන් කටාර් රාජ්‍යයේ දෝහා වෙත අද (01) රාත්‍රී 06.40ට පිටත්ව යාමට නියමිතය.

Related posts

අන්තර්ජාතික නීතී කඩමින් සම්බාධක පනවා ඇති රටවල ගෑස් නෞකා හම්බන්තොටට රිංගනවද ?

colombotoday

බෝගස්වැ‍ව අහිංසකයන් වෙනුවෙන් හඩනැගූ පියනන්ද හිමිට උසාවියෙන් වරෙන්තු !

colombotoday

රං පවුම අනුදාහට නගී

colombotoday

මත්ද්‍රව්‍ය හා අවි ජාවාරම් කළ ලාංකිකයින් 9 ක් ඉන්දියාවේදී අත්අඩංගුවට

Admin

නිරෝධායනයට ලක්ව සිටි පවුලක් සමග ගුටි හුවමාරු කර ගත් 08 දෙනෙකු නිරෝධායනයට

colombotoday

ගුවන් භාණ්ඩ ප්‍රවාහනයෙන් ඩොලර් මිලියන 10ක ලාභයක්

colombotoday