Colombo Today Local News

ජපානයෙන් ධීවරයන්ට ලොකු තෑග්ගක් – ගිවිසුම්වලට එළඹීමට කැබිනට් අනුමැතිය

ධීවර කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ජපාන රජය විසින් ලබාදෙන ප්‍රදානයන් ලබාගැනීමට සහ ඊට අදාළ ගිවිසුම්වලට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් වල ධීවරයන්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා මුහුදු නිෂ්පාදන වල ඉහළ අගය එකතු කිරීමක් තහවුරු කිරීම පිණිස ශීතාගාර පහසුකම් සංවර්ධනය කිරීමත් නවීන විද්‍යුත් උපකරණ වලින් ධීවර ක්ෂේත්‍රය සවිබල ගැන්වීමත් අරමුණු කරගනිමින් ජපාන රජයේ ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ජපා නයෙන් මිලියන දෙසීයක ප්‍රදානයක් ලබාදීමට ජපාන රජයේ එකඟතාවය පළ කොට ඇතැයි රජය පවසයි.

එම ප්‍රදාන යටතේ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සඳහා අයිස් නිෂ්පාදන යන්ත්‍ර, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව සඳහා ඩිජිටල් කිරුම් තරාදි,ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය සඳහා ධීවර දැල්, ශ්‍රී ලංකා ධීවර සංස්ථාව සඳහා පෙර සැකසූ ශීතකරණ/ අධිශීතකරණ සහ අධි ශීතකරණ සහිත ට්‍රක් රට සපයා ගැනීමට අපේක්ෂා කරන බව රජය සඳහන් කරයි.

එකී ප්‍රදානයන් ලබාගැනීමටත් ඊට අදාළ ගිවිසුම් වලට එළඹීමටත් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Related posts

පල්ලිවලින් අත්අඩංගුවට ගත් කඩු,පිහි,පොරෝ නීතියට පිටින් පල්ලිවලටම ආපසු දීලා

colombotoday

මර්වින් සිල්වා සඳුදා ජාතිය අමතයි.. අති විශේෂ ප්‍රකාශයක් කරන්න යයි

colombotoday

කළුතර බන්ධනාගරයේ රැඳවියෝත් වහලයට නගිති

colombotoday

IMF හමුවේ දී ශ්‍රී ලංකාවට ධනාත්මක ප්‍රතිචාර

colombotoday

ජනපති අවසන් වරට ජාතිය අමතන්න සූදානම්… වැඩි කැමැත්ත ගෝඨාභයටයි, අවසන් මොහොතේ සජිත් හමුවෙයි !

colombotoday

ශ්‍රී ලංකාවට එරෙහිව විදෙස් පරීක්ෂණයක් ඉල්ලා කොටි ඩයස්පොරාව වීදි බසී

colombotoday