Colombo Today Local News

ත්‍රිරෝද රථයක් තුළ බිලිඳියක් අතහැර දමා ගිහින්

තලවකැලේ, හින්දු කෝවිල අසල ගාල් කර තිබු ත්‍රිරෝද රථයක් තුළ බිලිඳියක් අතහැර දමා ගොස් තිබිය දී සොයා ගෙන තිබේ.

පසුව එම බිලිඳිය ව ලිදුල ප්‍රාදේශීය රෝහල වෙත භාරදුන් බව තලවකැලේ පොලිස් ස්ථානාධිපතිවරයා පවසයි.

ත්‍රිරෝද රථය දිනපතා කෝවිල අසල ගාල් කර තැබෙන බවත්, නගරයේ පිරිසිදු කිරීමට පැමිණි තලවකැලේ ලිදුල නගර සභාවේ සේවකයින් විසින් ත්‍රිරෝද රථය තුළ කුඩා දරුවෙකු හඬන ශබ්දය ඇසි ඒ පිළිබඳව සොයා බැලිමේදී ත්‍රිරෝද රථයේ පසුපස අසුනේ බිලිදියක් සිටින බවට දැක පොලීසිය දැනුවත් කර ඇත.

බිලිඳිය දින 12 – 14ක පමණ වයසැති බව වාර්තා වෙයි.

බිලිඳිය ත්‍රිරෝද රථය තුළ දමා ගිය අය පිළිබඳ ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ තලවකැලේ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

ලිදුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බිලිඳිය වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා තිබේ.

Related posts

හෝමාගම පොලිස් නිලධාරීන් 41 දෙනෙකු ඇතුළු 73ක් නිරෝධායනයට

colombotoday

නීති තර්ක ගෙනෙයි. ජනාධිපතිවරණය ලබන වසරට කල් යයි ?

colombotoday

මඩකලපුවේ මුස්ලිම් පල්ලියකට ‘තව්හීද් ජමාත්‘ පහර දෙයි

colombotoday

සතොස අලාභය පහළ යයි

colombotoday

මහර බන්ධනාගාරයෙන් පලායාමට තැත් කළ රැඳවියකු තාප්පයෙන් වැටී මරුට

colombotoday

යුරෝපයේ විද්‍යුත් මෝටර් රථ ගන්න රජයෙන් මුදල් – ලංකාවේ රජය බද්ද 5% සිට 50% දක්වා වැඩි කරලා

colombotoday