Colombo Today Local News

මහර බන්ධනාගාරයෙන් පලායාමට තැත් කළ රැඳවියකු තාප්පයෙන් වැටී මරුට

මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ලණු සහ ඇඳ රෙදි ආධාරයෙන් බන්ධනාගාර තාප්පයෙන් පළායාමට කළ උත්සාහයකදී තාප්පයෙන් වැටුණු එක් රැඳවියෙකු මියගොස් අද (3) ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

තාප්පයෙන් වැටීමෙන් බරතතළ තුවාල ලැබූ මෙම රැඳවියා ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවද, එසේ මියගොස් ඇත්තේ 38 හැවිරිදි පුද්ගලයෙකු බවද මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පවසා සිටී.

තවද, රැඳවියන් පළායාමට කළ උත්සාහය වැළැක්වීම සඳහා බන්ධනාගාර ආරක්ෂක අංශ නිලධාරීන් විසින් ඉහළට වෙඩි තැබීමක් සිදුකර ඇතැයිද, රැඳවියන් සමඟ ආරක්ෂක අංශ නිලධාරීන්ගේ පොරබැඳීමක්ද සිදුව ඇතැයිද මාධ්‍ය ප්‍රකාශක කාර්යාල ආරංචි මාර්ග පවසයි.

එම පොරබැඳීමේදී බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුද තුවාල ලබා රාගම ‍රෝහලට ඇතුළත් කර ඇති බවද පවසයි.

Related posts

මෛත්‍රී – පූටින් හමුවෙයි.. ඕනෑම සහයක් දෙන්න රුසියාව සූදානම්ලු !

colombotoday

ඥණසාර හිමි අත්අඩංගුවට නොගත් නිසා වයඹ DIGට දඩුවම් මාරුවක් !!

colombotoday

සිමෙන්ති සැඟවූ කඩ 10කට වැඩ වරදී

colombotoday

පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීම් තාවකාලිකව නවතී

colombotoday

සනත් නිශාන්තට එරෙහි නඩුවෙන් විනිසුරුවරයෙකු ඉවත්වෙයි

Admin

එජාපය කනපිට හරවන රුවන් විජයවර්ධන කමිටු වාර්තාව මෙන්න

colombotoday