Colombo Today Local News

සනත් නිශාන්තට එරෙහි නඩුවෙන් විනිසුරුවරයෙකු ඉවත්වෙයි

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ඉවත්වී තිබේ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා විවෘත අධිකරණයේ අද (27)දින සඳහන් කර ඇත්තේ, විනිසුරු චමත් මොරායස් මහතා මෙම නඩු විභාගයෙන් ඉවත් වන බවයි.

ඉකුත් වසරේ අගෝස්තු මස 23වන දා හෝ ඊට ආසන්න දිනයකදී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළ වගඋත්තරකාර සනත් නිශාන්ත මහතා අරගල කරුවන්ට ඇප ලබා දීමේදී මහේස්ත්‍රාත්වරු කටයුතු කළ ආකාරය විවේචනය කිරීම හරහා ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ඔහුට නිසි දඬුවම් පමුණුවන ලෙසත් ඉල්ලමින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය, විජිත කුමාර සහ ප්‍රියලාල් සිරිසේන යන නීතිඥවරු විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සඳහන් කර ඇත්තේ මොරායස් විනිසුරුවරයා හලාවත අධිකරණ කලාපයේ සේවය කරද්දී වගඋත්තරකාර සනත් නිෂාන්ත මහතාව රක්ෂිත බන්ධනාගාර ගතකිරීමේ නියෝගයක් නිකුත් කර ඇති හෙයින් මෙම නඩුව විමසීමට ඔහු අකමැත්ත පළ කර ඇති බවයි.

ඒ අනුව, අදාළ පෙත්සම් විභාගය ලබන 31 වනදා නැවත කැඳවීමට නියම කර ඇති අතර අධිකරණය එදින නව විනිසුරු මඩුල්ල නම් කරන බවත් සඳහන් කර තිබේ.

Related posts

මහින්ද අගමැති කිරීමට එරෙහි පෙත්සම් විභාගයේ තීන්දුව දීමට සූදානම්…

colombotoday

මධූෂ්ට එ‌රෙහිව ඩුබායිහිදි නීතිමය පියවර – අගමැති පාර්ලිමේන්තුවට දන්වයි

colombotoday

“කීවේ ප්‍රජාතන්ත්‍රවාදය දෙනව කියල.. සරසවි සිසුන්ගේ අඩු කඩනවා. ඒ මදිවට හිරෙත් දානව” – ගුරු සංගමය

colombotoday

ශ්‍රී ලංකාවේ සහායට ඉන්දියාව එක්වෙයි

colombotoday

අමල් පෙරේරාගේ සහ රයන් වෑන්ගේ නිවස් වටලයි – කොකේන් හිස් කොපු හමුවේ – සොහොයුරෙකු අත්අඩංගුවට

colombotoday

පාස්කු ප‍්‍රහාරයට වගකිව යුත්තේ පොලීසියයි – හිටපු ජාතික බුද්ධි ප‍්‍රධානියා පාස්කු කොමිසමේදී කියයි

colombotoday