Colombo Today Local News

පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීම් තාවකාලිකව නවතී

රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීම්ද තාවකාලිකව නතර කර ඇත.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරුන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට හෙට (12) පෙරවරු 10.00 ට කැඳවීමට නියමිතව තිබූ නමුත් රටේ පවතින ‍දේශපාලන තත්වය හේතුකොටගෙන එම රැස්වීම නොපැවැත්වීමට තීරණය කළ බව කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා පසුගිය කෝප් කමිටු රැස්වීමේදී කළ පෞද්ගලික ප්‍රකාශය හේතු කොටගෙන ඛණිජ තෙල් මිල සම්බන්ධයෙන් රට තුළ විශාල ආන්දෝලනාත්මක තත්වයක් උද්ගත විය. මේ අනුව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධානීන් කැඳවා ඒ ගැන විමර්ශන පැවැත්වීමට කෝප් කමිටුව තීරණය කර තිබිණ.

රටේ තත්වය සමනය වූ පසු කෝප් කමිටු රැස්වීම පැවැත්වීමට තීරණය කළ බවද චරිත හේරත් මහතා වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

හකීම්, බදුර්දීන්, මුස්තාපා මරා ගනී.. කැබිනට්ටුවේ ගාලගෝට්ටියක් !

colombotoday

මින් පසුව රජයේ කිසිඳු උත්සවයක් පෞද්ගලික හෝටල්වල ගැනීම තහනම් !

colombotoday

හෝටල් කාමරයක ඇදක් උඩ පාසල් දැරියකගේ මළ සිරුරක්

Admin

ලොරි රථයක ගැටී යතුරුපැදියක ගමන්ගත් තරුණයින් දෙදෙනෙකු මරුට

colombotoday

කපා දැමූ විශ්‍රාම වැටුප ඉල්ලා ආබාධිත රණවිරුවෝ මහපාරට

colombotoday

ලෝක සාමය වෙනුවෙන් දිවිපිදූ ලක් විරුවෙකුට UN හරසර

colombotoday