Colombo Today Local News

හෝටල් කාමරයක ඇදක් උඩ පාසල් දැරියකගේ මළ සිරුරක්

ලැගුම්හලක කාමරයක් තුළ දින කිහිපයකට පෙර මියගොස් සිටි දැරියකගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

පසුගිය 12වනදා දහවල් කාලයේ දී කෝපායි පොලිස් වසමේ තිරණවේලි ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක වසා ඇති කාමරයක් තුළින් දුර්ගන්ධයක් හමන බවට එහි සේවකයෙකු විසින් කෝපායි පොලීසියට දැනුම්දී ඇති අතර ඒ අනුව, පොලීසිය සිදුකළ විමර්ශනවලදී කාමරයේ තිබී මියගිය දැරියගේ මළ සිරුරක් සහ තවත් ඇඳක සිහිසුන්ව සිටි කාන්තාවක් සොයාගෙන ඇත.

පසුව එම කාන්තාව ගිලන්රථයකින් යාපනය රෝහලට ඇතුළත් කර තිබේ.

මියගොස් සිට ඇත්තේ අවුරුදු 12ක් වූ පල්ලිය පාර, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි පාසල් දැරියකි.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී මියගිය දැරිය මෙම කාන්තාවගේ පළමු විවාහයේ දියණිය බවට අනාවරණය වී තිබේ.

මොවුන් දෙදෙනා පසුගිය සැප්තැම්බර් මස 9 වනදා ලැගුම්හල වෙත පැමිණ ඇති අතර, එහිදී කාන්තාව විසින් ඉන්සියුලින් එන්නතක් ලබාදී, නිදි පෙති 10ක් ලබාදී දැරියව ඝාතනය කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෘත ශරීරිය මහෙස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර දැරියගේ පියා වෙත භාර දී ඇත.

අපරාධයට සම්බන්ධ කාන්තාව පොලිස් ආරක්ෂාව යටතේ යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

Related posts

ගව මස් කෑම අපේ මූලික අයිතියක්.. සත්ව හිංසාවෙන් තොරව, මානුෂිකව ගවයන් ඝාතනයට ඝාතකාගාර ඉදිකල යුතුයි..

colombotoday

බැදුම්කර විවාදය කල් දැම්මොත් ඒකාබද්ධ විපක්ෂයෙන් දැඩි තීරණයක්

colombotoday

වෝහාරික විගණන වාර්තාවෙන් මා නිදොස්කොට නිදහස්… ප්‍රශ්න ඇතිකළේ මලික්, මංගල, කබීර් ඇතුලු පිරිසක් !

colombotoday

පොලිස් නිලධාරියෙකුට අධිකරණයේදී පහරදුන් සැකකරුවෙක් රිමාන්ඩ්

Admin

යපනය කෝපායි හී හමුදාව භාරයේ තිබූ සියළු ඉඩම් මදාහැරෙයි

colombotoday

නූල්කඳුර බස් රථයක් පාලමකින් පෙරළී අනතුරක් සිදුවේ

Admin