Colombo Today Local News

මින් පසුව රජයේ කිසිඳු උත්සවයක් පෞද්ගලික හෝටල්වල ගැනීම තහනම් !

රාජ්‍ය ආයතන විසින් පවත්වන උත්සව සඳහා මින් ඉදිරියට ශ්‍රී ලංකා පදනම් ආයතනය, යෝධ වැව පුහුණු මධ්‍යස්ථානය, පේරාදෙණිය කෘෂිකර්ම පුහුණු ආයතනය වැනි රාජ්‍ය ආයතන යොදා ගන්නැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල විසින් පෙරේදා (31 වැනිදා) චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන්ට ඉදිරි කාලයේ මුදල් වැයකරන ආකාරය පිළිබඳ උපදෙස් ලබාදෙමින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.

පසුගිය ආණ්ඩුව විසින් අමාත්‍යාංශ 31ක් සහ කැබිනට් නොවන අමාත්‍යාංශ 6කට වෙන්කර තිබූ විෂයයන් හා කාර්යයන් නව රජය විසින් අමාත්‍යාංශ 29කට වෙන්කර ඇතැයිද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මෙම චක්‍රලේඛය මගින් නිලධාරීන් දැනුවත් කර ඇත.
යහපාලන ආණ්ඩුව ගෙනා අතුරු සම්මත අයවැය ප්‍රතිපාදන බෙදාහැරීම සිදුකරන බවත් චක්‍රලේඛයේ දැක්වේ.

රාජ්‍ය නිලධාරීන්ගේ උත්සව අත්තිකාරම් සහ විශේෂ අත්තිකාරම් සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන ලෙසත් ඒ සඳහා ප්‍රතිපාදන වෙන්කළ පසුව මුදල් ඉතිරි වුවහොත් ආපදා ණය ලබාදෙන ලෙසත් උපදෙස් දී තිබේ.

අතුරු සම්මත ගිණුමෙන් අවසර දී ඇත්තේ 2019 ඇස්තමේන්තුවල ඇතුළත් වියදම් සඳහා වන නිසා අලුත් කාර්ය මණ්ඩල සහ අලුත් සේවාවන් මෙන්ම නව ව්‍යාපෘතීන් සඳහාද එමගින් මුදල් වැය නොකළ යුතු බවට මුදල් අමත්‍යාංශ ලේකම්වරයා සිය චක්‍රලේඛය මගින් නිලධාරීන්ට උපදෙස් දී ඇත.

Related posts

කුලියාපිටියේ වෙළෙඳසැලක ගින්නක්

colombotoday

විදේශිකයෝ ආයෝජන ඉවත්කරගනී.. වසරක් ඇතුළත බැදුම්කර ආයෝජන දෙගුණයකින් පහළට

colombotoday

Video: සතිඅන්තයේදී දරු දැරියන් බේරාගන්න කුරුණෑගලට විශේෂ පොලිස් ආරක්ෂාවක්

colombotoday

ඉන්දියාවෙන් ගෙන ආ කහ තොගයක් මන්නාරමෙදී හමුදා බාරයට

colombotoday

2023 අයවැය ධනාත්මකයි ඉදිරියේදී සහන ලැබේවි – මහින්ද රාජපක්ෂ

Admin

2024 නව වසර ආරම්භ වෙන්නේ ඖෂධ 300ක හිඟයක් එක්ක

Admin