Colombo Today Local News

‘ජනාධිපතිවරයා අගමැතිවරයා පොහොට්ටු ආණ්ඩුවේ ජන වරම අවසන්. අපි සුදානම් මාතෘ භූමිය රැක ගන්න.’

රට රැක ගැනීම සහ රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා මාතෘ භූමියට නායකත්වය ලබා දීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා සඳහන් කළේ ජනාධිපති, අගමැති ප්‍රමුඛ ආණ්ඩුවේ ජනවරම අවසන් බව ත් ඔවුන් රට විනශ කර අවසන් බව ත් ය.

රටේ ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළට නායකත්වය ලබා දීම හැර වෙන විසඳුමක් නොමැති බව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටියේ ය.

මේ පිළිබඳව වැඩිදුරට ත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මෙසේ පැවසී ය.

“ජනාධිපතිවරයා අගමැතිවරයා පොහොට්ටු ආණ්ඩුවේ ජන වරම අවසන්. ඔවුන් එකතු වෙලා මේ ලස්සන මාතෘ භූමිය විනාශ කරලා හමාරයි. විපක්ෂයේ අපි සුදානම් රට ස්ථාවර කිරීමෙන්, රටේ ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙලට නායකත්වය ලබා දීමට. මේක හැරෙන්නට වෙන විකල්ප විසඳුමක් නෑ. මෙයට විරුද්ධ වෙන පාර්ලිමේන්තුව තුළ සිටින කවුරු හරි කඩාකප්පල්කාරී ක්‍රියාවක් කරනවා නම් ඒක අපි දකින්නේ දේශ ද්‍රෝහී ක්‍රියාවක් හැටියට. අපි සුදානම් මාතෘ භූමිය රැක ගන්න. මාතෘ භූමියට නායකත්ව ලබා දෙන්න. රටේ ආර්ථිකය ගොඩ නගන්න. මව්බිමට ජයවේවා.ජනතාවට ජයවේවා. අරගලයට ජයවේවා!”

Related posts

ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින්ට ජනපතිගෙන් හදිසි කැඳවීමක් !

colombotoday

පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාමට කළමනාකරණ කාර්ය සාධක බලකායක් පත් කරයි

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යයි

colombotoday

ගෝඨාගේ හොර අල්ලන්න ඇමරිකා ගිය FCID ලොක්කා නූලෙන් බේරෙයි !

colombotoday

ගාල්ලලෙන් බුස්ස‍ට එවූ බන්ධනාගාර රැඳවියෙක් උපවාසයක

Admin

“ලක්ෂ්මන් කිරිඇල්ල වහාම බෞද්ධයන්ගෙන් සමාව ගත යුතුයි” – ඕමල්පේ සෝභිත නාහිමි

colombotoday