Colombo Today Local News

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි…

2023 පස්වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ නිකුත් කෙරිණ.

ප්‍රතිඵල www.doenets.lk හා www.results.exams.gov.lk වෙබ් අඩවි වෙත පිවිසීමෙන් ලබා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙවර ශිෂ්‍යත්ව විභාගයට සිසුන් 332,949 දෙනෙකු පෙනී සිටි අතර ඉන් සමත් සංඛ්‍යාව 50,664 කි.

මේ අතර ශිෂ්‍යත්ව විභාගයේ එක් එක් දිස්ත්‍රික් අනුව සිංහල හා දෙමළ මාධ්‍ය කඩයිම් ලකුණු ද නිකුත් කර තිබේ.

ඒ අනුව සිංහල මාධ්‍යයෙන් කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල,මාතර, කුරුණෑගල හා කෑගල්ල දිස්ත්‍රික්කවල කඩයිම් ලකුණු සංඛ්‍යාව 154 කි.

හම්බන්තොට හා රත්නපුර දිස්ත්‍රික්කවල ශිෂ්‍යත්ව සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සංඛ්‍යාව දැක්වෙන්නේ 150 ක් ලෙසයි.

පොළොන්නරුව බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්කවල කඩඉම් ලකුණු සංඛ්‍යාව 149 කි.

අම්පාර හා පුත්තලම දිස්ත්‍රික්කවල ශිෂ්‍යත්ව විභාගයේ සිංහල මාධ්‍ය කඩයිම් ලකුණු සංඛ්‍යාව දැක්වෙන්නේ 148 ක් ලෙසයි.

ත්‍රිකුණාමලය හා නුවරඑළිය දිස්ත්‍රික්වල කඩයිම් ලකුණු සංඛ්‍යාව 146 කි.

මන්නාරම, වව්නියාව හා මුලතිව් දිස්ත්‍රික්කවල ශිෂ්‍යත්ව විභාගයේ සිංහල මාධ්‍ය කඩයිම් ලකුණු සංඛ්‍යාව 145 ක් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ලබන 27 වැනිදා සිට දෙසැම්බර් 4 වැනිදා දක්වා ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් මාර්ගගත ක්‍රමය මගින් යොමු කළ හැකි බවයි.

Related posts

පාස්කු ප්‍රහාරයේ වගකීම IS ත්‍රස්තයින් භාරගත් හැටි

colombotoday

මහ කන්නයේ වී ගන්න රු. බිලියන 3ක් ලබාදීමට කැබිනට් අනුමැතිය

Admin

ශිෂ්‍යත්වය අහෝසි කරනවාට ගුරු සංගම් හරහට හිටී…

colombotoday

ආපදා කලමනාකරණයේදී ආණ්ඩුව දිගටම ඇණකොන්ඩා.. කොස්ගම ජනතාව කුපිත වෙලා

colombotoday

සැප්තැම්බර් 08 සිට පාසල් යළි සුපුරුදු වේලාවන්ට

colombotoday

උමා ඔය කැබිනට් යෝජනාව අනුර දිසානායකගේ… හෙළි නොවූ රහසක් හෙළිවෙයි !

colombotoday