Colombo Today Local News

නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වැඩ අරඹයි

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත්වීම් ලැබූ සමන් ජයසිංහ මහතා රාජගිරියේ පිහිටි ශ්‍රී ලංකා සුරාබදු මූලස්ථානයෙහිදී රාජකාරි ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන සමන් ජයසිංහ මහතා මීට පෙර මුදල් අමාත්‍යාංශයේ සහ රාජ්‍ය ව්‍යාපාර පිලිබඳ දෙපාර්තමේන්තුවේ, අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සේවය කළේය.

ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ උපාධි හා පශ්චාත් උපාධි ධාරියෙකි.

Related posts

කෝප් කමිටු වාර්තාව එයි.. බැදුම්කර හොරු තීන්දුයි !

colombotoday

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් හෙට කතානායකට

colombotoday

පාන් නැවතත් ගණන් උස්සයි?

colombotoday

පොහොර මිටිය 350ට දියව් ! ගොවීන් ඇමති දුමින්දගේ නිවස වටලා උද්ඝෝෂණයේ

colombotoday

එන්නතක් නිසා සිසුන් 10 දෙනෙකු රෝහල් ගත කෙරේ

Admin

අධිකරණයෙන් ඇප ලැබූ ඥාණසාර හිමි පොලීසියෙන් අත්අඩංගුවට ගනී !

colombotoday