Colombo Today Local News

පොහොර මිටිය 350ට දියව් ! ගොවීන් ඇමති දුමින්දගේ නිවස වටලා උද්ඝෝෂණයේ

කලින් ලබාදුන් ආකායට පොහෙර මිටිය රු. 350 ක සහන මිලට නැවත ලබාදෙන ලෙසත්, වී කිලෝවක් සඳහා සහතික මිලක් ලබාදෙන ලෙසත් ඉල්ලමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීහු දහසකට වැඩි පිරිසක් අද (2දා) කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ නිවස වටලා උද්ඝෝෂණයක නිරත වූහ.

අනුරාධපුර මාර්කට් පෙදෙසේ සතොස ඉදිරිපිටින් පෙ.ව. 11.00 ට පමණ ආරම්භ කළ උද්ඝෝෂණය සහභාගී වූ පිරිස් අනුරාධපුර මහ වීදිය ඔස්සේ ඩී.එස්. සේනානායක වට රවුමට පැමිණ එතැන් සිට උසාවි වට රවුම කඩපනහ ඔස්සේ ගුවන් තොටුපල පාරේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ‘‘සැනසුම“ නිවස ඉදිරිපිටට ගොස් ප්‍රධාන ගේට්ටුව අවහිර කර උද්ඝෝෂණයේ නිරත වූහ.

පසුව විරෝධතා ව්‍යාපාරයේ සංවිධායකයන් හා කෘෂිකර්ම ඇමතිවරයා අතර දුරකත සාකච්ඡාවකින් අනතුරුව ගොවීහු විසිර ගියහ.

Related posts

පොහොට්ටුව අලියගෙ පස්ස පැත්තේ ගහලා… රනිල් පාඩම් ඉගෙන ගන්නෙ මේ පාර තමයි..

colombotoday

ඖෂධ හිඟය සති 6 කින් අවසන් කරන බවට සෞඛ්‍ය ඇමතිගෙන් සහතිකයක්..

colombotoday

තොප්පිගල නිරන්ච්වේලි රක්ෂිතයේ වැලි ජාවාරමක්

colombotoday

හීනටියංගල යතුරුපැදි අනතුරකින් තරුණයකු ජීවිතක්ශයට

Admin

මමත් එදා චන්ද්‍රිකාට බැන බැන, අඬ අඬා හිටියානම් යුද්දය තවත් ඉවර නෑ..

colombotoday

“වසර 2000කට පෙර මෙරට හිටියේ දෙමළ පමණයි.. සිංහලයන් හිටියෙ නෑ“ විග්නේෂ්වරන්

colombotoday