Colombo Today Local News

හීනටියංගල යතුරුපැදි අනතුරකින් තරුණයකු ජීවිතක්ශයට

යතුරුපැදියක් තාප්පයක ගැටී සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගොස් ඇති බව කළුතර දකුණ පොලීසිය පවසයි.

මෙම අනතුර සිදුව ඇත්තේ මියගොස් ඇති තරුණයා කළුතර දෙස සිට හීනටියංගල දෙසට ගමන් කරමින් සිටියදී හීනටියංගල පාලම ආසන්නයේ දී වේගය පාලනය කරගත නොහැකිව අසල තිබූ තාප්පයක ගැටීමෙනි.

අනතුරෙන් මියගොස් ඇත්තේ, කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රවීන් විශ්වජිත් නැමැති 19 හැවිරිදි තරුණයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

බරපතළ තුවාල ලබා සිටී තරුණයා 1990 සුවසැරියෙන් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර, රෝහල් ගතකිරීමේදී මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

කළුතර දකුණ පොලීසිය වැඩිදුරටත් පරීක්ශන පවත්වයි.

Related posts

රූං පෙත්ත කැරකෙනවා. බත් පිගාන උඩයනවා. රනිල් අපිට සුරංගනා කතා කියනවා.

colombotoday

ඩීන්ස් පාර අවහිර වෙයි

Admin

රඹුක්කන විරෝධතාකරුවන්ට වෙඩි තැබූ පොලිස් ලොක්කාට අධිකරණ නියෝගය අසා වමනේ යයි

colombotoday

කතක් තුවායක සඟවා බන්ධනාගරයට යවන්න හැදූ හෙරොයින්

colombotoday

පළා ගිය කොරෝනා ආසාදිතයා ජාතික රෝහලේ OPD පෝලිමෙන් අල්ලාගනී

colombotoday

අයිස් ග්‍රෑම් 100යි මිලිග්‍රෑම් 100ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

Admin