Colombo Today Local News

ඉන්දීය බුද්ධි තොරතුරුවලට අනුව ශ්‍රී ලංකා බුද්ධි අංශයේ පසුබෑමක් ගැන කැබිනට් ප්‍රකාශකගෙන් ඉඟියක්

‘කංජිපානි ඉම්රාන්’ හෙවත් මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් තමිල් නාඩු ප්‍රාන්තයේ රාමේස්වරම් වෙත පැන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (ජනවාරි 3)දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළේ ය.

එහිදී කංජිපානි ඉම්රාන් දෙසැම්බර් 25 වන දා මුහුදු මාර්ගයෙන් රාමනාතපුරම් දිස්ත්‍රික්කයේ වෙත ගොස් ඇති බවට ඉන්දීය බුද්ධි අංශ තොරතුරු අනාවරණ කර තිබුණ ද මෙරට බුද්ධි අංශ ඒ පිළිබඳ කටයුතු නොකළේ ඇයි ද? යන්න පිළිබඳ ප්‍රශ්න කර සිටියේ ය.

ඊට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් තමා දැනුවත් නැති බව ත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරුන් ඒ පිළිබඳ පිළිතුරු ලබා දෙනු ඇති බව ත් ය.

මේ පිළිබඳව වැඩිදුරට ත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

මාධ්‍යවේදියා: කංජිපානි ඉම්රාන් දෙසැ. 20 වන දා ඇප මත නිදහස් වෙලා තියෙනකොට හෝ නිදහස් වෙන්න කලින් ඉන්දීය බුද්ධි තොරතුරු සහ තමිල් නාඩු බුද්ධි අංශය අනාවරණය කරනවා තලෛමන්නාරම හරහා රාමාන්තපුරම්වලට, නමුත් අපේ බුද්ධි අංශ ඒ පිළිබඳව තැකීමක් නොකර ඔහු 25 වන දා ඉන්දීය බුද්ධි තොරතුරුවලට අනුව ඔහු ඉන්දියාවට පළා යනවා. මේ සම්බන්ධයෙන් බුද්ධි අංශය කටයුතු නොකළේ ඇයි?

කැබිනට් ප්‍රකාශක: ලංකාවෙන් පිටව ගිය කංජිපානි ඉම්රාන් පිළිබඳ කැබිනට් මණ්ඩලය සාකච්ඡා වුණේ නැහැ. අපි දැනුවත් වුණෙත් නැහැ. එය බුද්ධි අංශය නොදැන සිටියේ ඇයි ද යන ප්‍රශ්නය පිළිබඳ ඒ අංශයෙන් තමයි විමසන්නට ඕන. ඒ පිළිබඳ රාජ්‍ය ආරක්ෂක ආමත්‍යවරු විසින් පිළිතුරක් දෙයි. මම ඒ පිළිබඳව දැනුවත් නැහැ.

සාමාන්‍යයෙන් අපේ බුද්ධි අංශයේ පසුබෑමක් තිබුණා ද කියන ප්‍රශ්නය තිබෙනවා. මොකද ඉන්දියානු බුද්ධි අංශ විසින් පාස්කු ප්‍රහාරය එල්ල කරන බවට තොරතුරු ඉදිරිපත් කරනකම් අපේ බුද්ධි අංශවල ක්‍රියාකාරීත්වය පිළිබඳව ප්‍රශ්න තිබුණා. ඒවා ක්‍රමක් ක්‍රමයෙන් නිවැරදි කරගෙන යන බව තමයි මගේ දැනීම.

Related posts

ඇමති විමලවීර දිසානායකගේ පුස් පාර්ට් එකට විරුද්ධව වනජීවී නිලධාරීන් වර්ජනයක.

colombotoday

අම්බලන්ගොඩ ඝාතන රැල්ලේ තවත් බිල්ලක්?

Admin

සෞඛ්‍ය සේවය පුද්ගලික අංශයට අමුණනවා.. “ඉන්දීය ගිලන් රථ එහි පළමු පියවරයි“ – ආචාර්ය හර්ෂ

colombotoday

වසර දෙකක් දැරියක් දුෂණය කල සිද්ධියට එක් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

Admin

මහ බැංකු බැඳුම්කර මහමොළකරු රනිල්

colombotoday

මත් ජාවාරම්කරුවන් එල්ලන දිනය තීන්දුයි – ජනපති

colombotoday