Colombo Today Local News

පාන් නැවතත් ගණන් උස්සයි?

paan banisපාන් ඇතුළු බේකරි ආශ්‍රිත නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුව ඇතැයි සමස්‌ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.

බේකරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යවල මිල සියයට 20 කින් පමණ ඉහළ යැම මෙම තත්ත්වයට හේතුව බව ද හෙතෙම සඳහන් කළේය.

භාණ්‌ඩවලට පනවා ඇති බදු වැඩි කිරීම හේතුවෙන් ෆාම් ඔයිල්, මාගරින්, ලුණු, සීනි ඇතුළු බේකරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍යවල මිල මෙසේ සියයට 20 කින් ඉහළ ගොස්‌ ඇතැයි ද හෙතෙම කීවේය.

රජයේ වගකිව යුතු නිලධාරීන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව කී ජයවර්ධන මහතා අනතුරුව ඒ සම්බන්ධයෙන් තීරණයක්‌ ගන්නා බව ද වැඩිදුරටත් පැවසීය.

Related posts

ලොරියක ගැටුණු පා පැදියේ ගිය සිව්දරු මවක් මරුට

Admin

අතුරුදහන්ව සිටි තරුණයෙකුගේ සිරුර ළිඳකින් හමු වෙයි

Admin

“පළාත් සභා ඡන්දය අවුරුද්දකින් කල් දැම්මා” – අගමැති

colombotoday

මේ වසර අවසානයට පෙර මත්තලත් චීනයට !

colombotoday

රාසික්ට ඇප.. සිහල, දෙමළ මුස්ලිම් කවුරුත් ඉන්න රටේ හැසිරෙන්න ඕන විදිහත් මහේස්ත්‍රාත්වරයා කියා දෙයි.

colombotoday

පුරප්පාඩු ගණනයෙන් පසු විශ්වවිද්‍යාල ආචාර්වරු බඳවා ගැනීම අරඹයි

Admin