Colombo Today Local News

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ඔක්තෝම්බර් මාසයට අදාළ මුදල් හෙට ගිණුම් වලට

අස්වැසුම ප්‍රතිලාභය හිමි පවුල් 1,406,932ක් සඳහා ඔක්තෝම්බර් මාසයට අදාළ රුපියල් මිලියන 8,775ක මුදලක් බැංකු වෙත ලබාදී තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සිය නිල X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව හෙට (05) සිට ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට මුදල් බැර කිරීමට නියමිත බව ද එහි තවදුරටත් දැක්වේ.

අභියාචනා සහ විරෝධතා සමාලෝචනය අවසන් වූ පසු තෝරාගත් පුද්ගලයින්ට ජූලි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි ප්‍රතිලාභ ලබාදෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related posts

ජනපතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

Admin

සිඟමන් යදින මව බාරගන්නොගත් පුතාට නඩු

colombotoday

කිරිපිටි කිලෝව රු. 300 කින් ඉහළ යන ලකුණු

colombotoday

රන්ජන්ගේ තවත් බලාපොරොත්තුවක් සුන්. මෝසම ලියාපදිංචි නොකරම ප්‍රතික්ෂේපයි.

colombotoday

ගාලු පාරෙන් කොටසක් ගිලාබසී

Admin

බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් අත්අඩංගුවට

colombotoday