Colombo Today Local News

ඩෙංගු යැයි සැක කළහැකි රෝගීන් 3,465ක් කොළඹ නගරයේ

ඩෙංගු යැයි සැක කළහැකි රෝගීන් 3,465ක් කොළඹ නගර සභා බලප්‍රදේශය තුළින් වාර්තා වී ඇති බව එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පවසයි.

ඔහු සඳහන් කරන්නේ, මේවන විට පවතින මෝසම් වැසි සමඟ මෙම තත්ත්වය වර්ධනය වීමේ හැකියාවක් පවතින බවය.

“කොළඹ නගරය තුළ දැනට ඩෙංගු යැයි සැකකෙරෙන රෝගීන් 3,465ක් වාර්තා වෙලා තියෙනවා. ඉන් 80%ක් පමණ ඩෙංගු බවට තහවුරු වෙලා තියෙනවා. අපි දන්නවා දෙසැම්බර් මාසයේ දී එය වැඩිවෙන්න පුළුවන්. මේ වනවිට නැවත වරක් අක්‍රමවත් ලෙස මෝසම් වැසි සක්‍රීය වීමක් අපි දකිනවා. කීට සමීක්ෂණවලින් අපිට 7.1ක් විතරයි නිවෙස්වල පොසිටිව් කෙන්ටේනර්ස් දකින්න පුළුවන්. ඒ වගේම වැඩිම ප්‍රමාණයක් රාජ්‍ය ආයතනවල 60%ක් පමණ. ඒ වගේම ඉදිකිරීම් කේෂ්ත්‍රයේ 80%ක් වගේ. මේවා අනුව අපිට ගොඩක් දුරට පාලනය කරන්න පුළුවන් වෙලා තියෙනවා.”

මේ අතර උග්‍ර තීව්‍ර මන්දපෝෂණ තත්ත්වයේ දරුවන් 320ක් වාර්තා වී ඇතැයි ද වෛද්‍යවරයා පවසයි. ඔවුන් සියලුදෙනාට නිසි පෝෂණයෙන් යුතු ආහාර ලබාදී 102ක් දක්වා එම දරුවන් ප්‍රමාණය අඩු කරගැනීමට හැකි වූ බව ද පැවසීය.

Related posts

අද කවුද මහ පාරේ නැත්තේ. මෙහෙම රට වහලා කිසිම පලක් නැහැ.

colombotoday

රිෂාඩ් බදුර්දීන්ට අධිකරණය අද දුන් නියෝගය

colombotoday

උපවාසය අත්හල රතන හිමියන් ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට

colombotoday

පාර්ලිමේන්තුව තහනම් කළ යුතු තවත් මන්ත්‍රීවරු ඉන්නවා

colombotoday

උතුරු පළාත් ආණ්ඩුකාරවරයාටත් කොකේන් චෝදානා

colombotoday

කොරෝනා නීති නොතකා යාපනයේ පූජාවන් පැවැත්වූ කෝවිල් 2ක් සීල් තියයි | දෙවියන් පුදන්න දහස් ගණනක් ගගේ ගිලී නාලා

colombotoday