Colombo Today Local News

එක්සත් රාජධානියේ තරුණ සම්මානය ලංකාවේ යෙනුලි දිනා ගනී

එක්සත් රාජධානියේ බ්‍රිස්ටල් හි පැවති 11 වන “MTM Young Achievers” සහ “MTM Music & Entertainment” යන සම්මාන ප්‍රදානෝත්සවයේදී MTM YOUNG ACHIEVERS AWARD 2023 සම්මානය ශ්‍රී ලාංකාව නියෝජනය කරමින් සහභාගි වූ 15 හැවිරිදි යෙනුලි බිනාරා ට හිමි වී තිබේ.

විවිධ දක්ෂතා ඇගයීම වෙනුවෙන් පැවති මෙම තරගාවලියේ සිටි ලාබාලම තරගකාරියද යෙනුලි බව සඳහන්.

මෙම සම්මාන තරගාවලියේ අවසන් වටයේ තරගකාරියක ලෙස තේරී පත්ව සිටි යෙනුලිට ලොව පුරා විවිධ රටවල්වල තරඟකරුවන් රාශියක් අතරින් මෙම සම්මානය දිනා ගැනීමට හැකිවී තිබේ.

කොළඹ උපන් යෙනුලි දැනට එක්සත් රාජධානියේ මවුපියන් සමග වෙසෙමින් අධ්‍යාපනය හදාරන අතර ඊට පෙර ඕමානයේ ශ්‍රි ලංකා පාසලේ අධ්‍යාපනය ලබා ඇත.

පසුගිය වසර තුනක කාලය තුල සංගීතය,ගායනය,කථික,රංගනය ආදී අංශ ගණනාවකින් රටවල් කිහිපයකම තරග රැසකින් ජයග්‍රහණ හිමි කර ගෙන ඇත.

වයස අවුරුදු 12 දී හන්ඩ්‍රඩ් නැමති ජාත්‍යන්තර සංවිධානයක ලොව ලාබාලතම තානාපති ලෙසද තේරි පත්ව සිටියාය.

“මෙය හොඳ නව ලෝකයක් ගොඩ නගන්නට මහන්සිවෙන මගේ ගමනට විශාල ජයග්‍රහණයක් සහ අභිප්‍රේරණයකි.

මෙම සම්මාන ප්‍රදානෝත්සවය ඉකුත් 25 දා එක්සත් රාජධානියේ මැරියට් බ්‍රිස්ටල් හි ඩෙල්ටා හෝටලයේදී පැවැත්විණි.

Related posts

IOCයෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් මිල දී ගැනීමට අනුමැතිය

colombotoday

නව ව්‍යවස්ථාවකට මෙය උචිත අවස්ථාව නොවේ – රෝහණ මහා සංඝ සභාවත් නව ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කරයි…

colombotoday

මරාගෙන මැරුණු ත්‍රස්තයන්ගේ සිරුරු කොටස් ඌරු තෙල්, උරු මල – මුත්‍ර ගල්වා වලදමයි… ස්වර්ගයත් නෑ, කන්‍යාවියෝ 72ත් නෑ…

colombotoday

‘සයිටම් විතරක් මදි.. තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 15ක් ඇතිකළ යුතුයි‘ – දඹර අමිල හිමි

colombotoday

විදුලි කැපෙද්දී ගාස්තුත් වැඩිකරන්න යෝජනාවක්

colombotoday

උදය ගම්මන්පිල සමාව අයැදී

colombotoday