Colombo Today Local News

විදුලි කැපෙද්දී ගාස්තුත් වැඩිකරන්න යෝජනාවක්

විදුලි ගාස්තුව ඉහළ දැමීමට රජයට යෝජනා කිරීමට කටයුතු කරමින් සිටින බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පවසයි.

ඔහු සදහන් කරන්නේ විදුලි ගාස්තුව 2014 වසරෙන් පසුව ඉහළ දමා නොමැති අතර 2014 වසරේ විදුලි ගාස්තුව 25% කින් අඩු කළ බවයි.

මහජන උපයෝගිතා කොමිසම හරහා එම යෝජනාව ඉදිරිපත් කරන බව ද එම නිලධාරියා සඳහන් කරයි.

එවිට මහජන උපයෝගිතා කොමිසම ඒ සම්බන්ධයෙන් මහජන මත විමසුමක් කර සෑම පාර්ශවයකම අදහස් ලබාගන්නා බවත් ඉන් පසුව විදුලි ගාස්තුව වැඩි කරනවාද සහනාධාරණයක් දෙනාවද යන රජයෙන් විමසන බවත් එම නිලධාරියා පවසයි.

රජය දක්වන ප්‍රතිචාරයේ ස්භාවය අනුව විදුලි ගාස්තු ඉහළ යෑම හෝ වර්තමාන තත්ත්වයේම පැවැත්ම තීරණය වන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

ජනතාවට සහන දෙන්න අන්තර්වාර අයවැයෙන් රුපියල් බිලියන 200ක්

colombotoday

ඇමති විජේදාසට එරෙහි විශ්වාසභංගයට අස්ගිරි පාර්ශවය අප්‍රසාදය පලකරයි..

colombotoday

මැණික් ව්‍යාපාරික තරුණයෙකුගේ සිරුර තානායමේ තිබී හමුවෙයි

colombotoday

ෆොන්සේකාගේ නෝනට කඩේ යන්න වාහන දුන්නෙත් ඇවන්ගාඩ් ?

colombotoday

කොටවෙහර දැරියට පහරදීම: සැකකාරියන් 2ක් අත්අඩංගුවට

colombotoday

මුහුදු කොල්ලකරුවන් පැහැරගත් නැවේ ශ්‍රී ලාංකිකයෝ 8 ක්

colombotoday