Colombo Today Local News

‘සයිටම් විතරක් මදි.. තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 15ක් ඇතිකළ යුතුයි‘ – දඹර අමිල හිමි

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල එකක් නොව පහළොවක් පමණ ඉතා ඉක්මනින් රට තුළ ආරම්භ කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් රජය විසින් ඇතිකළ යුතු බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියෝ පැවසූහ.

මීට සමගාමීව එම සියලු ආයතන ප්‍රමිතිගත කිරීමේ පනතක් ගෙන ආයුතු අතර ඒ හරහා රජයේ වෛද්‍ය විද්‍යාල , රජයේ විශ්වවිද්‍යාලද ප්‍රමිතිගත විය යුතු බවද ඒ හිමියෝ පැවසූහ.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේද පැවසූහ

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල එකක් නෙවෙයි තව පහළොවක් විතර වහාම ආරම්භ කිරීමට යටිතල පහසුකම් රජය විසින් සැපයිය යුතුයි. පෞද්ගලික අංශය තිබිය යුතුමයි. පෞද්ගලික බස් තිබෙනවා , ලංගම බස් තිබෙනවා . පෞද්ගලික රෝහල් තිබෙනවා , රජයේ රෝහල් තිබෙනවා. ජාත්‍යන්තර පාසල් තිබෙනවා , රජයේ පාසල් තිබෙනවා. ඒවගේම රජයේ වෛද්‍ය විද්‍යාල තිබෙනවා , පෞද්ගලික වෛද්‍ය විද්‍යාලත් තිබිය යුතුයි. ජාතික ආරක්ෂාව විදේශ ප්‍රතිපත්තිය ආදි සංවේදී කරුණු හැරුණාම අනිත් සියලුම කාරණා සඳහා පෞද්ගලික අංශය තිබිය යුතුයි. කරන්න තියෙන්නේ එකම දෙයයි ප්‍රමිතය හදන එක යැයි පැවසුහ

Related posts

ඒකාබද්ධය බලය උරගා බලන්න යයි… පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයක්

colombotoday

2016 වසරේ ආර්ථික වර්ධනය 4.4% දක්වා පහත වැටේ

colombotoday

ශ්‍රී ලංකාව ඔබේ මව්බිම ලෙස දකින්න, ශ්‍රී ලාංකිකයන් ලෙස අත්වැල් බැදගෙන සෞභාග්‍ය කරා යමු – ජනපතිගේ පොංගල් සුභ පැතුම

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් අනතුරේ වන්දි ඩොලර් වලින් ලබා ගන්න කැබිනට් අනුමැතිය

Admin

ධම්මිකගේ කොවිඩ් පැණිය ට ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය

colombotoday

පුරාවිද්‍යාත්මක ස්ථානවලට හානි කිරීමට කිසිවෙකුට ඉඩනොතබන බව ජනපති කියයි

colombotoday