Colombo Today Local News

අද කවුද මහ පාරේ නැත්තේ. මෙහෙම රට වහලා කිසිම පලක් නැහැ.

වර්තමානයේ ක්‍රියාත්මක වන ආකාරයට රට වසා දැමීමෙන් කිසිදු පලක් නොවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ පැවැසීය.

රටේ ඇඳිරිනීතියක් ක්‍රියාත්මක වනවාද යන්න ප්‍රශ්න කළ යුතු බවත් පවතින තත්ත්වය මත ආසාදිතයන් සහ මරණ වාර්තා වීමේ අඩුවක් නොමැති බවත් කී ඒ මහතා රට යම් ආකාරයකට හෝ වසා දැමීම මගින් රජය සහ සෞඛ්‍ය අංශ බලාපො​රොත්තු වන දේ සිදු නොවන බව ද කීවේය.

වැඩිදුරටත් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සභාපතිවරයා..

පසුගිය සිංහල අලුත් අවුරුද්දට පෙර අප අනතුරු ඇඟවීමක් කර සිටියා කොවිඩ් පාලනය කිරීම සඳහා කඩිනමින් ක්‍රමවේදයක් සකස් කළ යුතු බවට.බලධාරීන් මෙන්ම මහජනතාව ද ඒ සම්බන්ධයෙන් සැලකිල්ලක් දැක්වූයේ නැහැ.එදා අප විසින් කරන ලද ඉල්ලීම නොසලකාහැරීමේ පල විපාක මේ වන විට අත්විඳින්නට ජනතාවට සිදුවී තිබෙනවා. කොවිඩ් රැල්ල සීග්‍රයෙන් ඉහළ යන විට නැවතත් අප කියා සිටියා මහජනතාවට සමාජයේ සැරිසැරීමට තිබෙන අවස්ථාව අඩු කර දෙන ලෙස.බලධාරීන් එය ද නොසලකා හැරියා මෙන්ම මහජනතාව ද වගකීම් විරහිතව සමජය තුළ සැරිසරණ බවක් දක්නට තිබුණා.එදා බලධාරීන් මෙන්ම මහජනතාව ද වගකීම් විරහිතව කළ හැසිරීමේ වන්දිය අප කාටත් අද පොදුවේ ගෙවන්න සිදුවී තිබෙනවා.


එමෙන්ම පසුගිය කාලය තුළ අප අවස්ථා කීපයකදීම පවතින අවදානම සහ අනාගත තත්ත්වය සම්බන්ධයෙන් අනතුරු හඟවා සිටියා.අවසානයේ බැරිම තැන අපිට සිද්ධ වුණා මහජනතාවගෙන් ඉල්ලා සිටින්න ස්වයං වාරණයක් පනවා ගන්නා ලෙස.ඊට පසුව රජය විසින් රට පුරා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කරණු ලැබුවා. අද කවුද මහ පාරේ නැත්තේ කියලා බලන්න. සෑම කෙනකුටම කුමන අකාරයට හෝ සමාජ ගතවීමට අවස්ථාව තියනවා. ඒ සඳහා වන පහසුකම මහජනතාවට සකස් කර දී තිබෙන්නේ බලධාරීන් විසින්මයි. ඒ නිසා මේ ආකාරයට රට වසා දැමීමෙන් කිසිදු පලක් නොවන බවයි අපි අදහස් කරන්නේ. රට වසා දැමීම මගින් එක පැත්තකින් ආර්ථිකය කඩා වැටෙන බව කියනවා. ඒ නිසා මේ ආකාරයට රට වසා දැමීමෙන් කිසිදු ආකාරයකට පලක් නොවන බව කියන්න කැමැතියි.

Related posts

ගිය ආණ්ඩුවේත්, මේ ආණ්ඩුවේත් හොරුන්ට දඬුවම් දිය හැක්කේ, හොරකම් වංචා නොකරන අපට පමණයි

colombotoday

ට්‍රක් රථයක සැඟවී රුමේනියාවට ඇතුළුවීමට ගිය ලාංකිකයින් හසුවෙයි

Admin

ගල්ගමුව තැපැල් කාර්යාලයේ සේප්පුව හොරු කඩලා

Admin

වවුනියාවේ උපන්දින සාදයේ දී පහරකෑමකට ලක්ව මියගිය තරුණියගේ සැමියාත් මරුට

Admin

අපහාස කරලා මග හරින්න එපා… අනුර කුමාරට ගම්මන්පිලගෙන් අභියෝගයක්

colombotoday

ඛනිජ තෙල් ආනයනය කර බෙදා හැරීමේ කැබිනට් තීරණයට එරෙහිව පෙත්සමක්

colombotoday