Colombo Today Local News

සැමියාගේ පුරුෂ ලිංගය ගිරයකින් කැපූ බිරිය මානසික වෛද්‍යවරයකුට පෙන්නන්න නියෝග

යුද හමුදා සෙබළකු වන තම සැමියාගේ පුරුෂ ලිංගය ගිරයකින් කපා බරපතල තවාල කළැයි කියන රිමාන්ඞ් කර සිටි බිරිය රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කර තිබේ.

සැකකාර කාන්තාව අනුරාධපුර ශික්ෂණ රෝහලේ මානසික වෛද්‍ය සායනයකදී මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර ඊට අදාළ වෛද්‍ය වාර්තාව 17දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කවරක්කුලම පොලිසියට තවදුරටත් නියෝග කර ඇත.

මෙසේ ඇප මත මුදා හැරියේ අනුරාධපුර යහලේගම ඩබ්ලිව්. පී. දර්ශිකා භාග්‍යා මාධවී දිසානායක නැමැති කාන්තාවයි.

තම සෙබළ සැමියා දිවා කාලයේ නිවසේ නිදා ගෙන සිටින අතරවාරයේ සැකකාරිය ගිරයකින් ඔහුගේ පුරුෂ ලිංගය අගල් දෙකක් පමණ කපා බරපතල තුවාල සිදු කර ඇති බවත් පසුව 1990 සුව සැරිය ගිලන් රථයකින් තුවාලකරු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට මාරු කර යවා ඇති බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් කවරක්කුලම පොලිසිය සඳහන් කර ඇත.

Related posts

පෙට්‍රල් රැගත් නෞකාවක් අද දිවයිනට

colombotoday

කොබෙයිගනේ – ආරච්චිකට්ටු සමූපයත් මහින්ද පිළ උඩින් දිනයි

colombotoday

ගමට ගිහින් ඡන්දෙට සූදානම් වන්නැයි අගමැති ඇමතිවරුන්ට කියයි

colombotoday

දිවයින පුරා ඉන්ධන බෙදාහැරීම තාවකාලිකව අත්හිටුවයි.

colombotoday

“කිරිබත් වලට වඩා තෛපොංගල් බත් රසයි.. දැන් ලංකාවටම හිරු පායනවා” – අගමැති

colombotoday

පළාත් පාලන ඡන්ද විමසීම් පනත් කෙටුම්පත සම්මත වෙයි

colombotoday