Colombo Today Local News

කොබෙයිගනේ – ආරච්චිකට්ටු සමූපයත් මහින්ද පිළ උඩින් දිනයි

mahinda rajapaksha

කොබෙයිගනේ හා ආරච්චිකට්ටුව සමූපකාර ඡන්ද දෙක ඉතා පහසුවෙන් ජය ගැනීමට ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වන කණ්ඩායම සමත්ව තිබේ.

ඒ අනුව ආරච්චිකට්ටුව සමූපකාර ඡන්දයෙන් ඡන්ද 175 ක් ලබා ගැනීමට ඒකාබද්ධ විපක්ෂ පිල සමත්ව තිබෙන් අතර, එක්සත් ජාතික පක්ෂයට සහය දැක්වූ පිළට හිමිව තිබෙන්නේ ඡන්ද 9ක් පමණි.

මේ අතර කොබෙයිගනේ සමුපකාර ඡන්දයද ජයග්‍රහණය කිරීමටත් ඒකාබද්ධ විපක්ෂයට සහාය දක්වන පිරිස සමත්ව තිබේ. ඔවුන් ඡන්ද 82ක් ලබාගනිද්දි එක්සත් ජාතික පක්ෂයට ලබාගත හැකිව තිබෙන්නේ ඡන්ද 14ක් පමණි.

මේ අතර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ බල ප්‍රදේශයේ පිහිටි සදලංකාව සමූපකාර සමිතියේ බලය තහවුරු කර ගැනීමටද මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වූ කණ්ඩායම සමත්ව ඇත. ඒ අනුව මහින්ද රාජපක්ෂ බලවේගයට ආසන 108 කුත් එක්සත් ජාතික පක්ෂයට ආසන 8 කුත් ශ්‍රීලංකා නිදහස් පක්ෂ මෛත්‍රී කණ්ඩායමට ආසන 2 කුත් ලබාගැනීම මහින්ද රාජපක්ෂ කණ්ඩායම සමත් වී ඇත.

Related posts

පාස්කු දා සියෝන් දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

colombotoday

ගැටඹේ සිට තැන්නෙකුඹුරට උමං මාර්ගයක්.. කැබිනට් අනුමැතිය හිමි වේ

colombotoday

ඩීසල්, පෙට්‍රල් මිහළ පහත දමයි…

colombotoday

කොළඹ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් හෙරොයින් සමග අත්අඩංගුවට

colombotoday

කොළඹ වරාය නගරයට නව වීසා වර්ග කිහිපයක්

Admin

“ඥානසාර හිමි නිදහස් කරනු” උද්ඝෝෂණයට කඳුළු ගෑස්. තිලංග සුමතිපාල පැමිණ තත්වය සමතයකට පත් කරයි

colombotoday