Colombo Today Local NewsNew Constitution

“අලුත් ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථාන නෑ.. ජනපතිත් එකගයි“ – TNA කියයි

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කිසිදු ආගමකට හෝ ජාතියකට ප්‍රමුඛස්ථානය ලබා නොදෙන බව ජනාධිපතිවරයා පැවසූ බවත්, තමන්ද එම ස්ථාවරයේ දැඩිව සිටිනා බවත් ද්‍රවිඩ ජාතික සන්ධානය පවසයි.

“නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදු දහමට ප්‍රමුඛස්ථානය දීමට දෙමළ සන්ධානය එකග වී ඇතැයි“ අග්‍රාමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශයක් තරයේ ප්‍රතික්ෂේප කරමින් ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා දෙමළ ඩයස්පොරා හිතවාදී වෙබ් අඩිවියක් සමග අදහස් දක්වමින් මේ බව පවසා ඇත.

දෙමළ ජාතික සන්ධානය තිරසාරව පෙනී සිටින්නේ කිසිදු ආගමකට විශේෂ පිළිගැනීමක් හිමි නොවන “අනාගමික ව්‍යවස්ථාවක්“ වෙනුවෙන් බව සුමන්දිරන් මන්ත්‍රීවරයා තරයේ අවධාරණය කරයි.

“පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කරන යෝජනාව ජනවාරි 9 දා සභාගත කළ අවස්ථාවේ ජනාධිපතිවරයා පැහැදිලිවම කියා සිටියේ ජාතියකට හෝ ආගමකට ව්‍යවස්ථාවේ මුල් තැන දීම සුදුසු නැති බව,” යයිද මන්ත්‍රීවරයා පවසයි.

අලුත් ව්‍යවස්ථාව අනාගමික කරනු වෙනුවට වර්තමානයේ පවතින ආකාරයෙන්ම අනාගත ශ්‍රී ලංකා රාජ්‍යයේත් එක් ආගමකට ප්‍රමුඛස්ථානය දීමට දෙමළ ජාතික සන්ධානය දැඩි සේ විරුද්ධ වන බව එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

Related posts

සුපිරිසිදු සජබේ එජාපයට නොයන්නේ මේ නිසයි

Admin

තවමත් පදිංචියට නොගිය සබීතාගේ හිස් බිල්ඩිම, කෘෂිකර්මයේ මිලියන 828ක් ගිලලා !!

colombotoday

මිගමුව බන්ධනාගාරයේ නියාමකවරියකගෙන් “අරුණ” පුවත්පතට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

colombotoday

නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ජුනි පළමු වැනිදා ඇරඹෙයි..

Admin

අම්පාර නවගම්පුර කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්

Admin

මහින්දගේ මූණ පෙන්වා පාර්ලිමේන්තු ආ ඒකාබද්ධ විපක්ෂයටත් ගමට යන්න බැරිවෙයි

colombotoday