World

නැපෝලියන් බොනපාර්ට්ගේ තොප්පිය ඩොලර් මිලියන 2.1ට වෙන්දේසි වෙයි

හිටපු ප්‍රංශ අධිරාජ්‍යයකු වන නැපෝලියන් බොනපාර්ට්ගේ තොප්පිය ඇමෙරිකානු ඩොලර් මිලියන 2.1 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 68 කට පමණ) කට ප්‍රංශයේ පැරිස් නුවර පැවති වෙන්දේසියකදී වෙන්දේසි කර තිබේ.

මෙම තොප්පිය නැපෝලියන් අධිරාජ්‍යයා වසර 1769 – 1821 දක්වා කාලය තුළදී පැළඳ තිබේ.

ප්‍රංශ ධජයේ නිල් – සුදු – රතු වර්ණයන් ලාංඡනයේ ඇති මෙම කළු පැහැති තොප්පිය ලෝකය පුරා සිටින කෞතුක භාණ්ඩ එකතු කරන්නන්ගේ උනන්දුව ආකර්ෂණය කර ගත් බව වෙන්දේසිකරු ජීන් පියරේ පවසයි. නමුත් තොප්පිය මිලදී ගත් තැනැත්තාගේ අනන්‍යතාවය හෙළි කිරීමට වෙන්දේසිකරු කැමැත්ත පළ කර නොමැත.

ඇමෙරිකානු ඩොලර් 655000 – 873000 අතර මුදලකට මෙම තොප්පිය වෙන්දේසි වේයැයි ඇස්තමේන්තු කළත් අවසානයේ එම මුදල මෙන් දෙගුණයකටත් වඩා වැඩි මිලකට මෙම තොප්පිය අලෙවි වී තිබේ.

නැපෝලියන් බොනපාර්ට්ට වසර 15 ක කාලය තුළ මෙවැනි තොප්පි 120 ක් පමණ තිබී ඇති බවත් ඉන් බොහොමයක් මේ වනවිට නැති වී ඇති බවත් වෙන්දේසිකරුවන් පවසා ඇත.

තොප්පිය නැපෝලියන් බොනපාර්ට්ගේ ප්‍රතිරූපය පිළිබිඹු කරන බවත් තොප්පියේ අවසන් හිමිකරු ව්‍යාපාරික ජීන් ලුවිස් නොයිසියෙස් මීට වසරකට පෙර මියගොස් ඇති බවත් පෙන්වා දී තිබේ.

Related posts

සුඩානයටත් ඇඳිරි නීතිය පනවයි

colombotoday

ෂැංහායි ඩිස්නිලන්තය වසා දමයි

colombotoday

ජපානයේ තවත් කොවිඩ් ප්‍රභේදයක්

colombotoday

ධවල මන්දිරයෙන් ඉවත්වන්නට ට්‍රම්ප් ගෙන් කොන්දේසියක්

colombotoday

මව්රටට පැමිණීමට නොහැකිව ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුහු 100 ක් නේපාලයේ හිර වෙති

colombotoday

ජපාන අගමැති ලෙස ෆූමියෝ කිෂීඩා පත්වෙයි

colombotoday