World

“බාබි” කුවේටයේ තහනම් වෙයි

ලොව පුරා ජනප්‍රිය වෙමින් ඇති “බාබි” චිත්‍රපටයට ඇතැම් අරාබි කලාපයේ රටවලින් දැඩි විරෝධයක් මතුවෙමින් පවතියි.

එය මේ වනවිට කුවේටයේ තහනම් කර ඇති අතර ලෙබනනයේ ද එය තහනම් කරන ලෙස ඉල්ලීම් මතුවෙමින් තිබේ.

කුවේට් බලධාරීන් පවසන්නේ “සමාජ ආචාර ධර්ම” ආරක්ෂා කිරීම සඳහා ඔවුන් මෙම තීරණය ගත් බවය.

මේ අතර එම චිත්‍රපටය මගින් සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරන බව ලෙබනනය පවසයි.

නමුත් දැඩි මතධාරී සෞදි අරාබිය ඇතුළු එම කලාපයේ රටවල් කිහිපයක එම චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරේ.

මීට සති කිහිපයකට පෙර එළිදැක්වූ මෙම චිත්‍රපටය මේ දක්වා ඩොලර් බිලියනයකට වැඩි ආදායමක් උපයා ඇති බව සඳහන් ය.

Related posts

ඇමරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වෙයි

colombotoday

කෝලිගේ දියණියට දූෂණ තර්ජන කළ මෘදුකාංග ඉංජිනේරුවා අත්අඩංගුවට

colombotoday

යුරෝපා සංගමයේ තීරණය ලෝක සෞඛ්‍ය සංවිධානය හෙළාදකී

colombotoday

ඉස්ලාම් ආගමට සම්බන්ධ සියළු දේ තහනම් කරයි.. චීනයේ මුස්ලිම් අයට වෙන්න යන දේ මෙන්න !

colombotoday

ලන්ඩනයේ උමං දුම්රියක පිපිරීමක් (Photo)

colombotoday

හිස්බුල් මුජාහිදීන් නායකයා ඉන්දියාවට පහර දීමට තලේබාන් ත්‍රස්තයන්ගේ සහය පතයි.

colombotoday