World

රුසියාව, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඉවත් වෙයි

රුසියාව, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

රුසියානු අභ්‍යවකාශ ඒජන්සියේ නව අධ්‍යක්ෂ ජනරාල් යූරි බොරිසොව් සඳහන් කරන්නේ, 2024 න් පසු තම රට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඉවත් වීමට සැලසුම් කර ඇති බවයි.

රුසියාවේ එම තීරණය සම්බන්ධයෙන් විමතියට පත්වන බව අමෙරිකාව පවසයි.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් සඳහන් කරන්නේ, දෙරටේ අභ්‍යවකාශ ඒජන්සි වසර ගණනාවක් පුරා පවත්වාගෙන ආ වෘත්තීය සහයෝගීතාව අවසන් කිරීමට තීරණය කිරීම පිළිබඳව කනගාටුවට පත්වන බවයි.

සෙසු හවුල්කරුවන් මෙන් රුසියාව ද හොඳ හවුල්කරුවෙකු බව අමෙරිකාව පවසයි.

කෙසේ වෙතත් අදාළ තීරණය, අමෙරිකා – රුසියා අභ්‍යවකාශ සබඳතාවයේ අවසානයක් නොවන බව රුසියානු අභ්‍යවකාශ ඒජන්සියේ ප්‍රධානියා ප්‍රකාශ කරයි.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සිදු කළ තීරණාත්මක විද්‍යාත්මක අත්හදා බැලීම් රැසක්, අමෙරිකාවේ සහ රුසියාවේ මූලිකත්වයෙන් සිදු කෙරුණි.

Related posts

මඟීන් – කාර්යය මණ්ඩලය 66 ක් එක්ක ගුවන් යානයක් අතුරුදන්

colombotoday

කොරෝනා වෛරසය පැතිරූ ඉන්දීය තබ්ලික් ජාමාත් නායකයාට මිනීමැරුම් චෝදානා

colombotoday

මියන්මාර හමුදා පාලනයට FaceBook හරස් වෙයි

colombotoday

පැරීසියේ තවත් ත්‍රස්ත ප්‍රහාරයක් – Video

colombotoday

ජපානයේත් ප්‍රබල භූ කම්පනයක්

Admin

ජනමතයට හිස නමා ජනපති-අගමැති ඉල්ලා අස්වෙයි !.. රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක්

colombotoday