Colombo Today Local News

පාස්කු සිද්ධියේ වන්දි ගෙවූ හැටි ගැන ඇමතිගෙන් හෙළිදරව්වක්

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පිරිසට නියම කෙරුණු රුපියල් කෝටි 31ක වන්දි මුදලින් දැනට ලැබී ඇත්තේ රුපියල් තුන්කෝටි හැට අට ලක්ෂයක් පමණක් බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (14)දින පැවසීය.

හානිපූර්ණ කාර්යාලය මෙම මුදල් ගෙවීම සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් සකස්කර අධිකරණයට ඉදිරිපත් කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Related posts

පොලිස් නිලධාරීන් ඝාතනයට LTTE කන්නන් අත්අඩංගුවට

colombotoday

දෙහිවල සත්තුත් උග්‍ර ආහාර අර්බුදයක

colombotoday

රාජ්‍ය බුද්ධි සේවය මගේ යටතේ නැති වුණත් ඉස්ලාම් අන්තවාදය ගැන උපදෙස් දුන්නා – හිටපු පොලිස්පති

colombotoday

වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව තවත් භූ කම්පනයක්

colombotoday

වීසා නොමැතිව මෙරට රැඳී සිටි ඉන්දියානු ජාතික කාන්තාවකට රැඳවුම් මධ්‍යස්ථානයකදී පහරදීමක්

colombotoday

බියර්, අරක්කු, සිගරට්, ගංජා එක්ක ගෙවෙන බිග් මැච්

colombotoday