Colombo Today Local News

“TNA යනු LTTE දේශපාලන අංශයයි.. ඔවුනුත් ත්‍රස්තවාදීන්ට සමයි“ කැනඩා අධිකරණය තීන්දු කරයි

tna sambandhan

දෙමළ ජාතික සන්ධානයේ (TNA) සාමාජිකයකු වීම එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයකු වීමට සමාන බවට කැනඩාවේ ෆෙඩරල් අධිකරණයක් විසින් තීන්දු කර ඇතැයි වාර්තා වේ.

ඉන්දියාවේ සිට කැනඩාවට ගිය විජයරත්නම් සීනියන් නම් ශ්‍රී ලාංකිකයකු කැනඩාවේ සරණාගත තත්ත්වය ඉල්ලා ෆෙඩරල් අධිකරණයට අභියාචනයක් ගොනු කර තිබුණු අතර ඒ සම්බන්ධයෙන් විනිසුරුවරයා දුන් තීන්දුවෙහි මේ බව සඳහන් වේ.

විජයරත්නම් සීනියන් මහතා දෙමළ ජාතික සන්ධානයේ (TNA) සාමාජිකයකු බව මෙහි දී සඳහන් කර ඇති අතර ඔහුගේ අභියාචනය සලකා බැලූ ෆෙඩරල් අධිකරණය එහි දී සඳහන් කර ඇත්තේ දෙමළ ජාතික සන්ධානය (TNA) යනු එල්ටීටීඊ සංවිධානයේ දේශපාලන ව්‍යාපාරය බවයි.

එබැවින් එල්ටීටීඊය ත්‍රස්ත සංවිධානයක් බවට නම් කර ඇති හෙයින් එහි දේශපාලන ව්‍යාපාරය වන දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයකු වීම එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයකු වීමට සමාන බවට අධිකරණය තීන්දු කර ඇති අතර ඔහුව කැනඩාවේ රැකවරණය ලබා දීමට නුසුදුසු අයකු බවට තීන්දු කර තිබේ. මේ අනුව විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතා ද ත්‍රස්ත නායකයකු බව එම අධිකරණයෙහි පිළිගැනීම බවට පත්ව තිබේ.

 

 

Related posts

රාජිතට කොරෝනා

colombotoday

කොල්ලුපිටියේ නිවසක පුද්ගල මළසිරුරක්.

colombotoday

IMF විස්තීර්ණ මූල්‍ය පහසුකමේ පළමු කොටස ඉදිරි දින දෙක තුළ

Admin

යුද හමුදා බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාරත්න නැවතත් රිමාන්ඩ්

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

අළුත් ව්‍යවස්ථාවෙන් ජාතික කොඩිය වෙනස් කරන්න, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය අහිමි කරන්න නිර්දේශ කෙරේ

colombotoday