Colombo Today Local News

මල්ලවපිටියේ ගලි වලක ගිනි අවි සහ ආයුද තොගයක්

කුරුණෑගල, මල්ලවපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක අපවිත්‍ර ජලය බැහැර කිරීමට සකස් කර ඇති ගලි වළක් තුළ සඟවා තිබූ ගිනි අවි දෙකක් රම්බෝ පිහි තොගයක් ඇතුළු උපකරණ රැසක් කුරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයාගෙන තිබේ.

රිවෝල්වර වර්ගයේ ගිනි අවියක්, ගල්කටස් වර්ගයේ ගිනි අවියක් රම්බෝ වර්ගයේ පිහි හතක්, අඟල් හතක් පමණ දිග වක් පිහියක්, කුඩා ප්‍රමාණයේ යකඩ මූනිස්සම් ග්‍රෑම් 420,බඹර 12 වර්ගයේ ගිනි අවි උණ්ඩ දෙකක්, ජිල් බෝල 84 සහ රතිඤ්ඤා කරල් දහයක් එහි තිබී සොයාගත් බව පොලීසිය කියයි.

නිවස අලුතෙන් මිලදීගත් පුද්ගලයකු ගලි වල තුළ සැකකටයුතු පාර්සලයක් තිබෙනු දැක ඒ බව පොලිසියට පැමිණිලි කර ඇත.

එම පැමිණිල්ල අනුව පොලීසිය එහි ගොස් මේවා සොයාගෙන තිබේ.

Related posts

පිරිමින් වඳකරන ග්ලුපොසිනේට් තහනම්

colombotoday

වෛරස් උණ රට පුරා.. මධ්‍යම පළාතේ මරණ 17 ක්

colombotoday

සනීපාරක්ෂාව නැති ඌවේ ටියුෂන්වලට වාරණයක්

colombotoday

උමාඔය ව්‍යාපෘතියේ භූමි පැල්මකින් ජලය මතුවෙයි.. පවුල් 100ක් හදිසියේ ඉවත් කරයි

colombotoday

ජවිපෙ 20ට අපි එකහෙළාම විරුද්ධයි – හෙළ උරුමය

colombotoday

ජනාධිපතිවරණයේ දී පොහොට්ටුවට ඡන්දය නොදීම ගැන පසුතැවෙනවා- ලන්සා

colombotoday