Colombo Today Local News

විදෙස් දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් STF අත්අඩංගුවට

විදේශීය රටක නිෂ්පාදිත විවිධ වර්ගයේ දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස සන්තකයේ තබාගෙන අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා බදු නොගෙවා මෙරටට ගෙන්වන ලද විවිධ වර්ගයේ විදේශිය දුම්වැටි 11,600ක් සන්තකයේ තබාගෙන සිටි බව සඳහන් වේ.

මෙසේ අතඩංගුවට ගෙන ඇත්තේ, මාගාල්ල, ගාල්ල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි සැකකරුවෙකි.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගාල්ල වරාය පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

විශේෂ කාර්ය බලකාය රත්ගම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මාගාල්ල, ගාල්ල ප්‍රදේශයේ දී මෙම වැටලීමක් සිදුකල බවයි වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

සපුගස්කන්ද පිරිපහදුවෙන් භූමිතෙල් ලීටර ලක්‍ෂ 10ක්

colombotoday

අගමැති සහ මහබැංකු අධිපති සිංගප්පූරු යයි

colombotoday

එජාප – ශ්‍රීලනිප දීගය ඉවර වෙන දිනය ගැන තවත් ඉගියක්

colombotoday

සකුරා අලි පැටියාගේ නඩුවෙන් හිටපු මහේස්ත්‍රාත් තිළිණ නිදොස් කොට නිදහස්

colombotoday

සිසුවියන් දෙදෙනෙක් සමග හෝටල් කාමරයක සිටි ටියුෂන් ගුරුවරයෙකු අත්අඩංගුවට

colombotoday

හදිසි නීතිය ඉවත් කරන්න – නීතිඥ සංගමය ඉල්ලයි

colombotoday