Colombo Today Local News

ජවිපෙ 20ට අපි එකහෙළාම විරුද්ධයි – හෙළ උරුමය

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එකහෙළාම විරුද්ධ වන බව ජාතික හෙළ උරුමය පවසයි.

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සිය පක්ෂයේ මතය ඉදිරිපත් කිරීම සඳහා ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී එහි මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අදහස් පලකර සිටියේ ය.

පසුගියදා ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළ බවත් එවැනි ලියවිල්ලක් ඉදිරිපත් කරන බව ඔවුන් කලින් ප්‍රකාශ කර තිබුණත් නිශ්චිත ලියවිල්ලක් නොතිබූ නිසා තම පක්ෂය මේ පිළිබඳ කිසිදු අදහසක් හෝ මතයක් ඉදිරිපත් නොකළත් අද තම පක්ෂය ඒ සම්බන්ධයෙන් ස්ථාවරය ප්‍රකාශ කිරීමට සූදානම් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එහිදී ඇමැතිවරයා මෙසේද ප්‍රකාශ කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන වගන්තියට අනුව ජනතාවගේ විධායක බලය ආරක්ෂාවත් සමග ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කරන බව සඳහන් වෙනවා. එම වගන්තිය ජනතාවගේ විධායක බලය ජනාධිපතිවරයා හා කැබිනට් අමාත්‍ය මණ්ඩලය විසින් ක්‍රියාත්මක කළ යුතුය යනුවෙන් වෙනස් කර තිබෙනවා.

ඉන් අදහස් කරන්නේ ජනාධිපතිවරයා සතුව තිබූ ජාතික ආරක්ෂාව ප්‍රමුඛ විධායක බලය කැබිනට් මණ්ඩලය සමග බෙදා හදා ගැනීමක් වශයෙනුයි. මෙම සංශෝධනය අඩු වැඩි වශයෙන් ගත්තත්, සමස්තයක් ලෙසට ගත්තත් සිදු කරන්නේ දැනට පවතින ජනාධිපති ධුරය, මැතිවරණ ක්‍රමය ආදී වෙනත් දේවල් වෙනස් නොකොට අහෝසි කිරීමයි.

Related posts

මරණ දඩුවමට අලුත් සංශෝධනයක්

colombotoday

දිවයිනට නිරිත දෙසින් පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වෙයි

colombotoday

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් මානව හිමිකම් කොමිසමට කැදවයි

colombotoday

කොවිඩ් මරණ ආදාහනය කරණ ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවක්

colombotoday

හොරොව්පතානේ අරාබි පාසලක දරුවන්ට ඉගැන්වූ අන්තවාදී දේශන ඇතුලත් සීඩි 46ක් අත්අඩංගුවට

colombotoday

සාම සාධක බළකායට ශ්‍රී ලංකා හමුදා බඳවා නොගන්නා ලෙස යස්මින් සුකා එක්සත් ජාතීන්ගෙන් ඉල්ලයි.

colombotoday