World

ගාසා තීරයේ දරුවන් ලක්ෂ 7ක් අවතැන්.. රෝහල් සුසාන භූමි බවට පත් වෙලා – යුනිසෙෆ් සංවිධානය

ඊශ්‍රායල – හමාස් ගැටුම් මධ්‍යයේ ගාසා තීරයේ දරුවන් ලක්ෂ 7ක් අවතැන් වී ඇතැයි යුනිසෙෆ් සංවිධානය පවසයි.

මෙම දරුවන්ට අවශ්‍ය සහන සැපයීමට සහ ගාසා තීරයේ රඳවාගෙන සිටින ළමා ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට වහාම සටන් විරාමයක් අත්‍යවශ්‍ය බව එම සංවිධානය සඳහන් කරයි.

ඔක්තෝබර් 7 වැනි දා ආරම්භ වූ ගැටුම් හේතුවෙන් මේ වනවිට ගාසා තීරයේ මියගොස් ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 11,240කි.

ඒ අතුරින් 4,630ක් දරුවන්ය.

හාමාස් ප්‍රහාර හමුවේ ඊශ්‍රායලයේ මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 1200ක් පමණ වන බව ඊශ්‍රායල බලධාරීන් සඳහන් කළේය.

ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතිය ද මේ වනවිට සම්පුර්ණයෙන් බිඳ වැටී තිබේ.

රෝහල්වල විදුලිය සැපයුම බිඳ වැටීම හේතුවෙන් දැඩි සත්කාර ඒකක සහ නොමේරු ළදරු ප්‍රතිකාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් වැඩි පිරිසක් මියගොස් ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන් විය.

එවැනි පසුබිමක ඊයේ තුර්කිය, ඊජිප්තුවේ රෆා පිවිසුම ආසන්නයේ තාවකාලික රෝහල් ඉදිකිරීම ආරම්භ කර තිබේ.

රෝහල් 8ක් සඳහා අවශ්‍ය උපකරණ විදුලය ජනන යන්ත්‍ර සහ ගිලන් රථ රැගත් නෞකාවක් ඊයේ ඊජිප්තුවට ළඟා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Related posts

යුක්‍රේනයේ යුද කලාපයේ දී ප්‍රංශ මාධ්‍යවේදියෙකු ඝාතනය කරයි

Admin

ජනපති දිවුරුමට ජනතා විරෝධය.. උගන්ඩාව ඇවිළෙයි.. හිටපු ජනපති මහින්දත් උගන්ඩාවේ

colombotoday

ඊශ්‍රායලය සහ පලස්තීනය සටන් විරාමයකට එකග වෙයි

colombotoday

හමාස් යලිත් ඉල්ලගෙන කයි. ඊශ්‍රායලයට ගිනිගන්නා බැලුන් යවයි. ඊශ්‍රායල් ගුවන් හමුදාවෙන් ක්ෂණික ප්‍රතිචාර

colombotoday

ඉන්දියාව මගී ප්‍රවාහන ගුවන් සේවා නවත්වයි

colombotoday

දිය යට දිගම හාදුවේ ලෝක වාර්තාව අලුත් වෙයි

Admin