Colombo Today Local News

අය වැය දෙවනවර කියවීමේ විවාදය අද සිට ඇරඹේ

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.

විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අද (14)දින සිට ආරම්භ වේ.

විවාදය අද සිට ලබන 21 වන දින දක්වා දින 07ක් පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් මස 21 වන දින පස්වරු 06ට පැවැත්වේ.

අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 22 වන දින සිට දෙසැම්බර් මස 13 වන දින දක්වා දින 19ක කාලයක් පැවැත්වීමට නියමිතය.

ඊට අදාළ ඡන්ද විමසීම දෙසැම්බර් මස 13 වන දින පස්වරු 06ට පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අයවැය විවාද කාලසීමාව තුළ සෑම දිනකම පෙරවරු 09.30 සිට 10 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 05ක් සඳහා කාලය වෙන්කර ඇති අතර අනතුරුව විවාදය පෙරවරු 10 සිට පස්වරු 6 දක්වා පැවැත් වේ.

Related posts

දුම්රිය අංගනවල ඇති පරණ යකඩ ටෙන්ඩර් ක්‍රමයට විකුණන්න උපදෙස්

colombotoday

බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස ලක්ෂ 58 ඉක්මවයි

colombotoday

වටරැක බන්ධනාගාරයේ පලා ගිය සිරකරුවන්ට නිවේදනයක්

colombotoday

පෞරාණික ස්ථානයක නිධන් හෑරූ 4ක් අල්ලයි

Admin

විධායකය අහෝසි කරන 20වන ව්‍යවස්ථා සංශෝධනය ජවිපෙන් පාර්ලිමේන්තුවට

colombotoday

සමාජ මාධ්‍ය ක්‍රියාකාරි ඩිලාන් සේනානායකට පිහිපහරක්

Admin