Colombo Today Local News

සමාජ මාධ්‍ය ක්‍රියාකාරි ඩිලාන් සේනානායකට පිහිපහරක්

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වූ ඩිලාන් සේනානායක නැමැත්තා පිහි ඇනුමකට ලක්ව කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඊයේ(15) රාත්‍රියේ ඇතුළත් කළ බව මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි.

නුගේගොඩ පාගොඩ පාරේ ඔහුගේ ඡායාරූප ශාලාව තුළ සිටියදී එහි පැමිණි පුද්ගලයන් දෙදෙනකු මෙම ප්‍රහාරය එල්ල කර පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.

පිහි පහර ඔහුගේ අතකට වැදී ඇති අතර ඔහු මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.

පීහි ඇනුමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර සැකකරුවන් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැත.

Related posts

දේශීය කිරි පැකට්ටුවක මිල ඉහළට

colombotoday

මියගිය කොටින් සමරන්න ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී පාර්ලිමේන්තුවේදී අනුමැතිය ඉල්ලයි

colombotoday

ලංකාවේ පළමු නි‌යෝජ්‍ය පොලිස්පතිනියට පොලිසියෙන්ම පෙත්සමක්

colombotoday

25 වසරකට පසු රනිල්ගේ විපක්‍ෂ නායක අසුන සජිත්ට. මවුබස නොතකා ඉංග‍්‍රිසියෙන් මුලින්ම සභාව අමතයි..

colombotoday

නැගෙනහිර පළාතේ හමුදා මුර සංචාර අරඹයි

colombotoday

ජනපති හමුවෙන්න විමල් යයි.. බෙදුම්වාදීන් හදන ව්‍යවස්ථාව අකුලාගන්නැයි ඉල්ලයි

colombotoday