Colombo Today Local News

ලංකාවේ පළමු නි‌යෝජ්‍ය පොලිස්පතිනියට පොලිසියෙන්ම පෙත්සමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිවරිය වූ බිම්ෂානි ජාසිංහ ආරච්චි මහත්මිය එම තනතුරට පත්වීම බල රහිත කරන්නැයි ඉල්ලා ඉහළ පොලිස් නිලධාරීන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

ඇයගේ පත්වීමට අභියෝග කරන මෙම පෙත්සම් ගොනු කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 32ක් විසිනි. පෙත්සම්කරු කියා සිටින්නේ පොලිස්පති සහ ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය උඩ ලබා දී ඇති ඇයගේ පත්වීම උසස් පොලිස් නිලධාරීන් බඳවා ගැනීමේ පටිපාටියට පටහැනි බවයි.

කාන්තාවන් නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත් කිරීමට අදාළ රෙගුලාසිවලින් ප්‍රතිපාදන සලස්වා නැති බවත් කාන්තාවන් යන වචනය එහි සඳහන් වන්නේ නැති බවත් ඒ නිසා කාන්තාවකට ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය පොලිස්පති තනතුරක් දැරිය නොහැකි බවත් පෙත්සමේ සඳහන් කර ඇත. පෙත්සම ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ හෙට (අඟහරුවාදා) කැඳවීමට නියමිතය.

Related posts

සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති අද පැය 5ක වර්ජනයක්

colombotoday

ජනාධිපතිවරණ ප්‍රහාරක සැලසුමක් පුළුල් විමර්ශන ඇරඹේ

Admin

ඉන්දියාව ණය සහන දීමට එකඟ වීම ගැන සතුටුයි – ජුලී චන්ග්

Admin

පාසල් චණ්ඩි ආරවුලකට සිසුවෙකුගේ කන කපලා

Admin

පාස්කු කොමිෂන් වාර්තාවේ වගකීම කොහෙත්ම අපි භාරගන්නේ නෑ – ඇමති කෙහෙළිය

colombotoday

20 විරෝදය හකුලා ගත් බව ජනපති හමුවෙන් පසු පොහොට්ටුවේ හවුල්කාර පක්ෂ කියයි

colombotoday