Colombo Today Local News

මෙරට වගාකල හැකි භෝග ආනයනයට 2018 දී රු. මිලියන 289532 වැය කරලා !

2018 වස‌රේදී ශ්‍රී ලංකාවට සීනි හා කිරිපිටි ආනයනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 94000ක් වැයකර ඇති බව ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මෙහිදී සීනි ආනයනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 40309ක් වැයකර ඇති අතර කිරිපිටි ගෙන්වීම වෙනුවෙන් රුපියල් මිලියන 54012ක් වැය කර තිබේ.

එම වසරේදී කෘෂිකාර්මික අංශයන්ගේ නිශ්පාදන ආනයනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 289532ක් වැයකර තිබේ.

එම ප්‍රමාණය හා සැසදීමේදී සීනි හා කිරිපිටි ආනයනය කිරීම වෙනුවෙන් වැයකර ඇති මුදල සමස්ත කෘෂිකාර්මික ආනයන්ගෙන් තුනෙන් එකකට ආසන්න වෙයි.

මෙම සටනට අනුව තේ, රබර්, පොල් ගම්මිරිස් වැනි දෑද ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට කටයුතු කර තිබීම කැපී පෙනෙයි.

Related posts

උත්සව සමය වෙනුවෙන් ගෑස් සිලින්ඩර 90,000ක් දෛනිකව වෙළෙඳපොළට..

Admin

නීතිය හා සාමය කඩ කළැයි ශ්‍රීපාදස්ථානයේ උපවාස කළ අයෙක් අත්අඩංගුවට !

colombotoday

“අවසානය මෙය නොවේ – තවත් පුදුමය දනවන ප්‍රහාරයන්” – අනතුරු අඟවා ISIS පණිවුඩයක් නිකුත් කරයි

colombotoday

ඉන්ධන නිකුත් කිරීම අද සිට නවතී.. රට පුරා ඉන්ධන හිගයක් !

colombotoday

ඤාණසාර හිමි බන්ධනාගාර රෝහලේ සිට ජයවර්ධනපුර රෝහලට රැගෙන එයි…

colombotoday

රනිල්ට රාජිතට චම්පිකට සිද්ධ වෙන්නේ මුහුදේ පනින්න – වාසුදේව නානයක්කාර

colombotoday