Colombo Today Local News

මගුල් – අවමඟුල් විතරයි වෙන මොකටවත් අවසර නෑ

නව කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්තිය සමග අනවශ්‍ය උත්සව පැවැත්වීම සඳහා අවසර ලබා නොදෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය.

දැනට අවසර ලබා දී ඇත්තේ විවාහ මංගල උත්සව සහ අවමංගල උත්සව සඳහා පමණක් බවද ඔහු සඳහන් කළේය.

මෙම උත්සව හැරුණු කොට වෙනත් කිසිදු උත්සවයකට අවසර ලබා නොදෙන බවත්, එවැනි උත්සව පැවැත්වීම සඳහා අවසර ගැනීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලට නොපැමිණෙන ලෙසත් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

එසේම මුහුණු ආවරණ නොපලඳින සහ සෞඛ්‍ය නීති රීති කඩ කරන සියලු දෙනාට නඩු පැවරීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

අඩු ආදායම් ලබන ජනතාවට හැම සහනයක්ම දෙනවා – දිනේෂ් ගුණවර්ධන

Admin

ඉන්ධන සීමා අත්‍යවශ්‍ය සේවාවලට අදාල නැහැ..

colombotoday

රාජ්‍ය ආදායම ගසාකන හොර පනත හකුලා ගනු.. රවීගේ රේගු පනතට රේගු සංගම් විරෝධය

colombotoday

ඥාණසාර හිමි සිංහලේට ආයුබෝවන් කියන්න සැරසෙයි !

colombotoday

තරුණ කටයුතු සාගලට.. ඩිජිටල් ඇමතිට විදේශ රැකියා – කැබිනට් ඇනිල්ලේ අලුත් තනතුරු මෙන්න

colombotoday

“නව පනතක් ගෙන එනතුරු පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නැහැ”

colombotoday