Colombo Today Local News

ඥාණසාර හිමි සිංහලේට ආයුබෝවන් කියන්න සැරසෙයි !

බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ජාතික ව්‍යාපාරයෙන් සමුගැනීමට සූදානම් වන බව උන්වහන්සේට සමීප ආරංචි මාර්ග පවසයි.

මේ වන විට ජපානයේ සම්බෝධි විහාරයේ වැඩ සිටින උන්වහන්සේ සියරට පැමිණීමෙන් අනතුරුව ලබන 7වනදා නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වෙන බොදු සමුළුවට සහභාගී වීමට නියමිතය. එහිදී උන්වහන්සේගේ සමුගැනීම ප්‍රකාශයට පත්කරනු ඇති බවත් ඉන් අනතුරුව ඉන්දියාවේ බරනැස් විහාරය වෙත පිටත්ව යනු ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි.

දශක දෙකකට වැඩි කාලයක් පුරා සිංහල බෞද්ධ ජාතිකවාදි ව්‍යාපාරවල පෙරටුගාමී චරිතයක්ව කටයුතු කළ ඥාණසාර හිමියන් සිංහල බෞද්ධ ජනතාව මුහුණ දී සිටින අර්බුද සම්බන්ධයෙන් මෑතකාලීනව බොදු බල සේනා සංවිධානය හරහා සිදුකළ මැදිහත්වීම දැඩි ආන්දෝලනයකට ලක්විය. ඒ හේතුවෙන්ම මෙරට මෙන්ම විදේශීය ඉස්ලාමීය අන්තවාදීන්ගේ සහ ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ගේ දැඩි වෛරයට පාත්‍රවීමට උන්වහන්සේට සිදුවිය.

කෙසේ වෙතත් පක්ෂ, විපක්ෂ දේශපාලකයන් හා විවිධ පාර්ශව දිගින් දිගටම එල්ල කරමින් පවතින චෝදනා, අවලාද පිළිබදව උන්වහන්සේ දැඩිලෙස කළකිරීමට පත්ව සිටින බවත්, එම නිසා මෙරට ජාතික ශාසනික සේවාවෙන් ඉවත්වීමට තීරණය කළ බවත් උන්වහන්සේට සමීප ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

පිටිකළ අලිගැට පේර – වට්ටක්කා අපනයනයට පියවර

colombotoday

(PHOTO) ජන හදවත් හඩවමින් ආරක්ෂක සේනා ආඥාපති වන්නියට සමුදෙයි

colombotoday

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි

colombotoday

ඉඩම් නිදහස් කරන්න ඉල්ලා පලාලි ආරක්ෂක සේනා මූලස්ථානය ඉදිරිපිට විරෝධතා

colombotoday

මත්ස්‍ය ආනයන වියදම් සීමා කිරීමට අංශ කිහිපයක් යටතේ සැලසුම් සකසන්නැයි ජනපතිගෙන් උපදෙස්

colombotoday

MCC ගිවිසුම අත්සන් කරන ආණ්ඩුවක මම මොහොතක් ඉන්නෑ- විමල්

colombotoday